සුප්‍රකට පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සංගීත වීඩියෝවක් නිකුත් කරයි | දිනමිණ

සුප්‍රකට පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සංගීත වීඩියෝවක් නිකුත් කරයි

සුප්‍රකට පොප් ගායිකා ටේලර් 2016 වසර වෙනුවෙන් ලෝක වාසී සංගීත රසිකයින්ට සුබ පැතුම් එක් කරමින් නව වසරට නවතම අත්දැකීමක් එක් කළාය. ඇය 'අවුට් ඔෆ් ද වුඩ්ස්' ගීත වීඩියෝව නිකුත් කරන ලද්දේ නව වසර අරඹමිනි. ඇය විසින් 2014 දී නිකුත් කරන ලද ස්මෑෂ් අප් ඇල්බමයටද ඒ ගීය ඇතුළත් කරන ලද අතර රයන් සංක්‍රෙස්ට් ගේ 'නිව් ඉයර්ස් ‍රොකින්' සැඳෑවට එක් වුයේද එම ගීතය සමඟිනි.

මෙම වීඩියෝව මේ මස මුල් භාගයේදී එළිදක්වන්නට අදහස් කරමින් ඇය විසින් එම වීඩියෝවේ පළමු ඡායාරූපය නිකුත් කරන ලදී. වීඩියෝව පුරාම සුරංගනා කතාවල එන චරිත හා මුසු වූ ටේලර් එය අවසන් වන තුරුම සුරංගනාවියකගේ ස්වරූපය ගන්නවා මිස ටේලර් ස්විෆ්ස් ලෙස පෙනී සිටින්නේ නැත. වීඩියෝව අවසාන වන්නේ මතුවන වචන කීපයක්ද සමඟිනි. 'ඇයට ඔහු අහිමි විය. එහෙත් ඇයට ඇය හමුවිය.

කොහොම වුණත් ඒ තමයි හැ‍මදේම' 1989 කළඑළි බසින ලද ටේලර් ස්විෆ්ට්ගේ සියලු රහස් එම වචන කීපය තුළ සැඟව ඇති බව පැවසේ. ඇගේ ලෝක සංචාරය ප්‍රවර්ධනය කරමින් එළිදක්වන ලද සංයුක්ත තැටියේ ද අවසානයේ ඇය මේ වදන් ඇතුළත් කර ඇත. 'අවුට් ඔෆ් ද වුඩ්ස්' මෙන්ම 1989 දී නිකුත් කරන ලද '‍ෂේක් ඉට් ඕෆ්' 'බෑඩ් බ්ලඩ්' 'වයිල්ඩස්ට් ඩ්‍රීම්ස්' 'බ්ලැන්ක් ස්පේස්' සහ 'ස්ටයිල්' යන ගීත වීඩියෝ ද මේ වන විට නිකුත් කොට අවසන්ය. 

ඒ.එෆ්.පී


නව අදහස දක්වන්න