‍‍ලොව පුරා ජනතාව 2016 වසර පිළිගත්තේ මෙහෙමයි | දිනමිණ

‍‍ලොව පුරා ජනතාව 2016 වසර පිළිගත්තේ මෙහෙමයි

2016 වසර මුලින්ම පිළිගන්නා ලද්දේ නවසීලන්තයයි. අභිනව වසර පිළිගැනීම සඳහා නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙත විශාල පිරිසක් එක් රැස් වී සිටි අතර සුපුරුදු පරිදි දැවැන්ත ගිණි කෙළි සංදර්ශනයකින් මුළු ප්‍රදේශයම සැණකෙළි ස්වරූපයක් ගෙන තිබුණි. අනතුරුව නව වසර එළඹුණේ ඕස්ට්‍රේලියාවටය. සිඩ්නි වරාය ආශ්‍රිතව සුපුරුදු ගිණි කෙළි සංදර්ශනය පැවැත්වුන අතර දස දහස් ගණනක් නව වසර පිළිගැනීමට එක්රැස් වී සිටියහ.

සියලු නව අවුරුදු සැමරුම් අතරතුර විශේෂයෙන් යුරෝපීය නගරවල ආරක්ෂක විධි විධාන තර කර තිබූ බව දක්නට ලැබුණි. මිලියන ගණනක ජනතාව සාද, ගිණිකෙළි සන්දර්ශන ආදිය පවත්වමින් 2016 වසර පිළිගනිද්දී කිසිදු ආකාරයක ත්‍රස්ත ක්‍රියාවක් සිදු නොවීමට කටයුතු කිරීම, ආරක්ෂක අංශවලට පැවරුණු දැවැන්ත වගකීම විය.

සිඩ්නි වෙත රැස්ව සිටි පිරිස මිලියනයකට වඩා වැඩි බව වාර්තා වේ. ඕස්ට්‍රේලියාවට පසු ආසියාව හරහා මැදපෙරදිග, අප්‍රිකාව, යුරෝපය ද අවසාන වශයෙන් අමෙරිකාව ද 2016 නව වසර පිළිගනු ලැබුවේ උත්සවශ්‍රීයෙනි. නවසීලන්ත‍යත් සමඟම නව වසර පිළිගත් සැමෝවා සහ කිරිඔට් හි ගිණිකෙළි සංදර්ශන එරට තුළ මෙතෙක් දක්නට ලැබුණු දැවැන්තම ගිණි කෙළි සන්දර්ශනය බව වාර්තා වේ. හොංකොං, බීජිං, සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල් ද සුවිශේෂී අංග සමඟ 2016 වසර පිළිගනිද්දී ඉස්ලාම් නීතියට අනුව නත්තල් උත්සවයද තහනමට ලක් වූ බෲනෙයි පමණක් නිහඬවම නව වසරට පා තැබු බව සැලවේ. 

ඒ.එෆ්.පී

නව අදහස දක්වන්න