එළුවකුගේ හා කොටියකුගේ අපූරු මිත්‍රත්වයක් | දිනමිණ

එළුවකුගේ හා කොටියකුගේ අපූරු මිත්‍රත්වයක්

කිසිවෙකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ මිත්‍රත්වයක් පිළිබඳ රුසියාවෙන් වාර්තා වේ. රුසියාවේ නැගෙනහිර අන්තයේ පිහිටි ජාතික සෆාරි උද්‍යානයක සිටින කොටින් වෙනුවෙන් මුදා හරින ලද එළුවකු හා කොටියෙකු අතර මේ අපූරු මිත්‍රත්වය ගොඩ නැගී තිබේ.

මේ සෆාරි උද්‍යානයේ සිටින මාංශ භක්ෂක සතුන් සඳහා ලබා දෙනුයේ මාංශ නොව ජීවත් වන සතුන් ය. ඒ ඔවුන්ට සජීවි අත්දැකීම් ලබා දඩයම් කර ආහාර සොයා ගැනීමේ රටාව හුරු කරවමිනි. කෙසේ වුවත් ‍එසේ ඔවුන් වෙත මුදා හරින ලද එළුවකු නිරුපද්‍රිතව කොටියකු සමග මිත්‍ර වී, ‘අපූරු මිතුරන්’ යන්නට නව අරුතක් එක් කර තිබේ. ටිමුර් සහ අමුර් ලෙස මේ වන විට මේ මිතුරන් දෙදෙනාම නම් කර ඇති අතර සෆාරි සවාරියේ යෙදෙන්නන්ගේ ප්‍රියතම සහ ජනප්‍රිය දසුන වී ඇත්තේද මේ ගජ මිතුරන් දෙදෙනාය. වනෝද්‍යානයේ අධ්‍යක්ෂ ඩ්මිත්‍රි මෙසෙන්ට්සව් පවසන්නේ මේ දෙදෙනාගෙන් එක් අයකු සිටින තැනට ආසන්නයෙන්ම අනෙකාද දැක ගත හැකි බවයි. සියලු ක්‍රියාකාරකම් ඔවුන් දෙදෙනා එකට, සිදු කරන බවත් නිදා සිටින අවස්ථාවක එකකු වේලාසන ඇහැරුණ හොත් අනෙකා ඇහැරෙන තුරු ඔහු එතැනින් නොනැගිට බලා සිටින බවත් ඔහු පවසයි.

නව අදහස දක්වන්න