පිය පදවිය ජීවිතය සුන්දර කළා | දිනමිණ

පිය පදවිය ජීවිතය සුන්දර කළා

තමා පියකු වීම නිසා වඩාත් හැඟුම්බර වී ඇති බවත්, ජීවිතය කොතරම් වටින්නේද යන්න තේරුම් ගොස් ඇති බවත් විලියම් කුමරු ප්‍රකාශ කරයි. 33 හැවිරිදි ඔහු පවසන්නේ ඉතා කුඩා දේවලින් පවා තමා සතුටට පත් කරන්නට සිඟිති ජෝර්ජ් කුමරුගේ සහ සුරතල් චාලට් කුමරියගේ ආගමනය හේතු වී ඇති බවයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ පියා චාල්ස්ගේ පදනම පිළිබඳව රුපවාහිනී වාර්තා වැඩසටහනකට එක් වෙමිනි. තම පුත්‍රයා දිනෙක මේ පදනමේ වගකීම බාර ගනු ඇති බව චාර්ල්ස් කුමරා මෙහිදී ප්‍රකාශ කර තිබේ.‍ පෙරට වැඩිය තමන් හැඟීම්බර වී ඇති බව විලියම් කුමරු පවසා ඇත්තේ මෙහිදීය.

මින් පෙර තමා කිසිම දේකින් හිත රිදවා නොගත් බවත් එහෙත් දැන් එය වෙනස් වී කුඩා දෙයින් පවා හිත රිදෙනවා මෙන්ම සතුටට ද පත්වන බවත් ඔහු පවසා තිබේ. එය තමා අවට හෝ ලෝකයේම සිදුවන ඕනෑම දෙයකින් සිදු වන බව පවසන ඔහු එයට හේතුව තමා පියකු ලෙස ඒ දෙස බලන නිසා බවද ඔහු සඳහන් කරයි. 1976 වසරේදී පවුම් 7,400ක් සහිතව නැවත ගොඩ නගනු ලැබූ පදනම මේ වන විට බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම තරුණ පදනම ලෙස තරුණ තරුණියන් 825,000කින් සමන්විතය. මෙම වාර්තා වැඩසටහනේද විලියම් මෙන්ම හැරී කුමරු ද තම පියාගේ පුණ්‍ය කටයුතු අගය කරමින් කතා කළහ.

නව අදහස දක්වන්න