රමාදි නගරය ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් | දිනමිණ

රමාදි නගරය ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඉරාකයේ රමාදි නගරය ඒකාබද්ධ හමුදා විසින් අත්පත් කර ගත්තේ පසුගිය සුමානයේ ය. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් සිදු කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකින් හමුදා භටයින් දොළොස් දෙනෙකු මියගොස් දහහත් දෙනෙකු තුවාල ලබා ඇත. අයි.එස්.අයි.එස්.සටන්කරුවන් වාහන 10ක් යොදා ගනිමින් මෙම පුපුරවාහැරීම් සිදු කර ඇත.

මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ රමාදි නගරයට ආසන්නතම හමුදා කඳවුරක් වෙතය. අන්බාර් ප්‍රාදේශීය සභා නායක සබාහ් අල්- කර්හත් ප්‍රකාශ කළේ මෙය ඉතා වේගවත්ව සිදුවූ ප්‍රහාර මාලාවක් බවයි. ඊසාන දිග රමාදි හි ඉරාක හමුදාව් දසවැනි සේනාංකය මේ වාහන දහය කඩා වැදුන බව ඔහු ප්‍රකාශ කර තිබේ. රමාදි නගර‍ය අයි.එස්.අයි.එස් පාලනයෙන් මුදවා ගනු ලැබුවද තවමත් කුඩා ත්‍රස්ත කණ්ඩායම් ඉතිරිව ඇති බව පැවැසේ. රමාදිති ඉරාක ධජය සවි කළ පසු අගමැති හයිදර් අල- අබාදි පැවසුවේ 2016 වසර ඉරාකයෙන් අයි.එස්.අයි.එස්.පලවා හරින වසර බවයි. රමාදි නගරයෙන් පසු ඉරාක නායකයින්ගේ අවධානය මොසුල් වෙත යොමු වනු ඇති බව වාර්තා වේ. ඇමරිකානු හමුදා විශේෂඥයින් පවසන්නේ එය තරමක් අභියෝගාත්මක බවයි. බැග්ඩෑඩයෙන් උතුරට සැතපුම් 250ක් පමණ දුරින් පිහිටි මොසුල් ඉරාකයේ දෙවැනි විශාලතම නරගය ලෙස සැලකෙන අතර මිලියනයකට අධික පිරිසක් එහි ජීවත් වේ. 

නව අදහස දක්වන්න