මෝටර් රියටත් වඩා වටිනා අත් ඔරලෝසු | දිනමිණ

මෝටර් රියටත් වඩා වටිනා අත් ඔරලෝසු

 රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගර සභිකයකු තමන්ට රුසියාවේ නිෂ්පාදිත මෝටර් රථයක් මිලදී ගැනීමට යාමේදී ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදීමේ අරමුණින් රූපවාහිනී කණ්ඩායමක් කැඳවා ගෙන ගිය අතර එහිදී මිලදී ගන්නා වාහනයට වඩා පැළඳි ඔරලෝසුවට කැමරා යොමු වෙනු ඇතැයි ඔහු කිසිසේත්ම නොසිතන්නට ඇත. ඔහු මිලදී ගත් ලාඩා වෙස්ටා රථයේ වටිනාකම ඩොලර් 9000 (රූබල් 658000) වන අතර ඔහු පැළඳ සිටි මැක්සි මැරීන් වර්ගයේ ඔරලෝසුවේ වටිනාකම ඩොලර් 8500ත් 12000ත් අතර වේ. එය තවදුරටත් විස්තර කරන්නේ නම් ඔහුගේ මෝටර් රථයට වඩා ඔහුගේ අත් ඔරලෝසුව වටිනාකමින් වැඩිය.

නගර සභික මිලොනොව් මේ මෝටර් රථයේ මිල අඩකින් අඩු කිරීමට එකඟ කරගත් අතර ඉතිරිය ඉදිරි වසර 3 ඇතුළත කොටස් වශයෙන් ගෙවීමටද එකඟ කරගෙන තිබුණි.

2014 වසරේදී මිලොනොව් රූබල් මිලියන 3.5ක් එනම් ඩොලර් 48000ක් උපයා ඇති බව වාර්තා වේ. වත්කම් ලෙස ඇත්තේ කුඩා ඉඩමක්, වර්ග අඩි 12000ක නිවසක් පමණි. තවත් ඉදිකරමින් පවතින දේපොළ ද ඇතිබව සඳහන්ය.

මිලොනොව්ගේ අත්ඔරලෝසුව පිළිබඳ මුලින්ම උකුසු ඇස යෙමු වූයේ දූෂණ විරෝධී පදනමේ සාමාජිකයකු වන ඩිමිත්‍රි සුතරව් ගේය. ඔහු පසුගිය ඔහු මෝටර් රථය මිලදී ගන්නා අවස්ථාවේ වීඩියෝවක් තම ට්විටර් ගිණුම ඔස්සේ පළ කරමින් මේ බව ප්‍රචාරය කළේ දූෂණ විරෝධී කටයුතු සඳහා සාක්ෂි අතිශය වැදගත් බව දන්නා නිසාය.

2015 අගෝස්තුවේ දී ඩිමිත්‍රි පෙස්කොවිගේ ඩොලර් 625000ක් වටිනා ඔරලෝසුව පිළිබඳව ද ජාත්‍යන්තර අවධානය යොමු විය. 

නව අදහස දක්වන්න