ජෝර්ජ් කුමරු ළදරු පාසල් දිවිය අරඹයි | දිනමිණ

ජෝර්ජ් කුමරු ළදරු පාසල් දිවිය අරඹයි

එංගලන්ත රජ පවුලේ පුවත් මැවුවන් අතර තවමත් ඉදිරියෙන් සිටින්නේ ඩයනා කුමරියයි. මේ වන විට කේට් සහ විලියම් යුවල ද ඊටත් වඩා ඔවුන්ගේ දරුවන් වෙතද වැඩි මාධ්‍ය අවධානයක් යොමු වී තිබේ. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා ජෝර්ජ් කුමරු මේ වසර ආරම්භයේදී තම ළදරු පාසලච් දිවිය ආරම්භ කරනු ලැබුණි. දෙහැවිරිදි සුරතල් ජෝර්ජ් කුමරු ළදරු පාසල වෙත පැමිණියේ තම මව සහ පියා සමඟිනි.

කේට් කුමරිය විසින් තම පුතුගේ රුව කිහිප වරක්ම ඡායාරූපගත කරන අයුරු දක්නට ලැබුණි. නැඟෙනහිර එංගලන්තයේ නෝර්ෆෝක්හි වෙස්ට්ඒකර් මොන්ට්සෝරි පාසල වෙත පැමිණි ජෝර්ජ් කුමරු තද නිල් පැහැති කබායකින් සැරසී ලා නිල් පැහැති බෑගයක් පිටෙහි එල්ලා ගෙන සිටියේය. මෙම ළදරු පාසල පිහිටා ඇත්තේ ඇන්මර් හෝල්හි එලිසෙබත් රැජිනගේ සැන්ඩ්‍රින්ග්හැම් පුද්ගලික වතුයායේ පවුලේ නිවහනට සමීපයෙනි. 

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න