ප්ලාස්ටික් බෝතල් ගැටලුවට ‘ඕහෝ’ වතුර බෝතලයක් | දිනමිණ

ප්ලාස්ටික් බෝතල් ගැටලුවට ‘ඕහෝ’ වතුර බෝතලයක්

පරිසරයට මහත් හානිදායක ප්ලාස්ටික් බෝතල් ගැටලුවට විසඳුමක් ලෙසරොඩ්රිගෝ ගාර්ෂියා ගොන්සාලේස් නම් නව නිර්මාණකරුවා විසින් අපූරු නිපැයුමක් ඉදිරපිත් කර තිබේ. ඒ ඕහෝ(oohoo) නම් වතුර බෝතලයයි. මෙහිමතු පිට ඉතා සරල පෙනුමකින් යුක්ත වුවද එහි ක්‍රියාකාරීත්වය එතරම් සරල නැත.

ඕහෝ වතුර බෝතලයේ ඉවත දමන කිසිවක් නැත. සාමාන්‍යයෙන් බෝතලයක් සාදා එයට වතුර පුරවනු වෙනුවට ගාෂියා සහ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ඔහුගේ සගයින් සිදු කළේ ද්‍රාවණයේ හැඩයට හැඩගැසිය හැකි බෝතලයක් නිර්මාණය කිරීමයි. මේ පිරිස මුලින්ම ජල බිඳුවක් කැටි කර එය කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක ගිල්වනු ලැබිණි. එවිට එය වටා ජෙලි වැනි ද්‍රාවණයක් සැකසුනි. එම ජල බිඳුව ඉන් පසු දුඹුරු ඇල්ගී වලින් ඉවත් කර ගන්නා ලද ද්‍රාවණයක ගිලවනු ලැබීය. එසේ දිගු වේලාවක් තැබීෆමන් ශක්තිමත් වූ ඝණ අච්චුවක් සෑදුණි.

මෙම පටලය මඟින් ඝනීභවනය වූ ජලය දිය ‍නොවී තබා ගත හැකි බව ගාර්ෂියා පැවසීය. ඒ අනුව මෙම නිපැයුමේ විසි කිරීමට දෙයක් ඉතිරි වන්නේ නැත. අමෙරිකාව තුළ පමණක් වසරකට පරිසරයට එකුතවන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය බිලියන 50කි. එසේම අමෙරිකාව තුළ ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනයට වැය වන බොර තෙල් බැරල් ප්‍රමාණය මිලියන 1.5කි. හිස්වන බැරල් මුදා හරිනු ලබන්නේ මහ මුහුදටය. මෙලෙස ලෝකය පුරා නිපදවන හා ඉවතලන ප්ලාස්ටික් නිසා සෑම මුහුදු සැතපුමකටම ප්ලාස්ටික් ‍අමුද්‍රව්‍ය කොටස් 46000ක් පමණ පාවෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව ගාර්ෂියා ඇතුළු පිරිස‍ගේ මෙම උත්සාහය ලොවේ ප්ලාස්ටික් බෝතල්වලට කදිම විසඳුමක් වනු ඇත. ඕහෝ මේ වන විටත් යුරෝපීය නගරවල අත්හදා බැලීම් සිදු කර ඇති අතර මෙය තවදුරටත් වැඩිදියුණු විය යුතු බවට නිර්දේශ කර තිබේ. එනම් වෙළෙඳපොළට නිකුත් වීටම පෙර මෙහි ප්‍රමාණය විශාල විය යුතුය. 

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න