මියන්මාරයේ නව පාර්ලිමේන්තුව ලබන 1දා රැස් වෙයි | දිනමිණ

මියන්මාරයේ නව පාර්ලිමේන්තුව ලබන 1දා රැස් වෙයි

මියන්මාරයේ අලුතින් පත් වූ පාර්ලිමේන්තුව පෙබරවාරි 01 වැනි දා රැස්වීමට නියමිතය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නව යුගයක් ඇරඹෙන බව පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය. වත්මන් පාර්ලිමේන්තුවේ අවසාන රැස්වීම‍ ජනවාරි 29 වැනිදා පැවැත්වේ. නව පාර්ලිමේන්තු සාමාජිකයින්ට පෙබරවාරි 01 වැනිදා පළමු සැසිය සඳහා ආරාධනා පත් යොමු කරනු ලබන අතර ජනවාරි 26 දාට පෙර එදිනට සහභාගී වන නොවන බව සනාථ කළ යුතුය. නව සාමාජිකයින් වත්මන් සාමාජිකයින්ගේ අවසාන පාර්ලිමේන්තු සුමානය තුළ පාර්ලිමේන්තුවට කැදවනු ලබන අතර දෙපාර්ශ්වයම සඳහා දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වේ.

තවද පාර්ලිමේන්තුව තුළ හැසිරිය යුතු ආකාරය නීති රීති සහ සම්ප්‍රදායන් පිළිබඳව නීති සම්පාදකවරයා විසින් නව සාමාජිකයින් දැනුවත් කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ තාවකාලික කතානායකවරයා ලෙස ශ්වේමාන් පත් කර ඇති අතර ඉහළ හා පහළ මන්ත්‍රී මණ්ඩලය මඟින් නව කතානායකවරයකු තෝරා ගනු ඇත. මේ අතර අති විශිෂ්ට ජයග්‍රහණය සඳහා ජාතික ලීගය රැගෙන ගිය අවුන් සාන් සුකී ව මියන්මාර ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධුරයට පත් කළ නොහැකි බව වාර්තා වේ. තම පවුලේ සාමාජිකයකු වෙනත් රටක පුරවැසිභාවයට හිමිකම් කීම මියැන්මාර ව්‍යවස්ථාවට අනුව එහි ජනාධිපතිධුරය හිමිකමට නුසුදුසු කමකි.

අවුන් සාන් සුකී ගේ සැමියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ද වේ. කෙසේ නමුත් සුකී ගේ සැමියා මේවන විට ජීවතුන් අතර නැත. 

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න