රමාදිහි සටන්කාමීන් 60ක් දිනකදී මරා දමලා | දිනමිණ

රමාදිහි සටන්කාමීන් 60ක් දිනකදී මරා දමලා

රමාදිහි සටන්කාමීන් 60කට වැඩි පිරිසක් පසුගිය පැය 24 ඇතුළත මරා දැමුණු බව බැග්ඩෑඩ්හි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුද හමුදා කර්නල් ස්ටීව් වොරන් පවසයි. අයි.එස්අයි.එස්. සටන්කාමීන්ගෙන් රමාදි නගරය පසුගිය මාසයේ අවසාන භාගයේදී මුදවා ගන්නා ලැබුවද එම ප්‍රදේශයේ තවමත් සැඟවී සිටින කුඩා කණ්ඩායම් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා විසින් ගුවනින් බෝම්බ හෙළන ලදී. ඉරාක හමුදා නගරයෙන් ඉවත් වී ඊට සහාය දුන් බව පැවසේ.

ඉරාක සහමුදා රමාදි නගරය මුදා ගැනීමෙන් සුමානයකට පමණ පසු මෙසේ සැඟවුණු කුඩා කණ්ඩායම් මඟින් වරින් වර ප්‍රහාර එල්ල කළ බව වාර්තා වුණ අතර වොරන් විසින් ද එය තහවුරු කරන ලදී.

සතුරු හමුදාවන්ට අයත් මෙම සමහර කණ්ඩායම් වල සාමාජිකයන් 5 - 7 ක් පමණක් සිටින බව ඔහු පවසයි. මැෂින් තුවක්කු සහ ග්‍රෙනේඩ් වලින් ඔවුන් සන්නද්ධව සිටී. එහෙත් මෙවන් කුඩා කණ්ඩායම්වලට කල හැකි වෙනසක් නැතැයි ඔහු පැවසීය. ‍රමාදි නගරයේ අයි.එස්.අයි.එස්. සාමාජිකයින් 1000ක් පමණ සිටිතැයි හමුදා නිලධාරීන් සිතුවද ඉරාක හමුදාව විසින් නගර මධ්‍යස්ථානය අල්ලා ගැනීමෙන් පසු ඇස්තමේන්තු කළේ එය 300ක් පමණ වන බවයි. එයින් කී දෙනෙක් තවමත් එහි සිටීද යන්න පැහැදිලි නැති බව වොරන් පවසයි.

බොහෝ දෙනා පැන යන බවත් සමහරුන් නැවත පැමිණීමට උත්සාහ කරන බවත් හැර රැඳී සිටින ප්‍රමාණය නිශ්චිතවකිව නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. මාස 7ක් පුරා රමාදි නගරය තමන් යටතේ තබා ගත් අයි.එස්.අයි.එස්. සටන්කරුවන් නගරය පුරා ආරක්ෂිතව සැරිසැරීමට උමං ජාලයක් හාරා තිබේ. 

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න