ලෝක නායකයෝ රැසක් උතුරු කොරියාව පතුරු ගසති | දිනමිණ

ලෝක නායකයෝ රැසක් උතුරු කොරියාව පතුරු ගසති

පරමාණු බෝම්බයකට වඩා බල සම්පන්න හයිඩ්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කළේය. මැග්නිටියුඩ් 5.1ක භූ චලනයක් පවා ඇති කරමින් සිදු කරන ලද මෙම අත්හදා බැලීම පොළව යට සිදු කරන ලද පළමු අත්හදා බැලීම ද වේ.

උතුරු කොරියාව රූපවාහිනිය හරහා මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ මේ භූ චලනය සන්නිවේදනය වීමෙන් පසුවයි. එහෙත් දකුණු කොරියාව මේ පිළිබඳව සැක පළ කරන අතර සැබැවින්ම එය හයිඩ්‍රජන් බෝම්බයකින් සිදු කරන ලද අත්හදා බැලීමක් ද යන්න ගැටලුවක් බව ප්‍රකාශ කරයි. දකුණුකොරියානු ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ එය තම රටෙහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

උතුරු කොරියාවේ ප්‍රකාශයත් සමඟ ලෝක නායකයෝ එය දැඩි ලෙස විවේචනය කරමින් සිටිති. මෙම අත්හදා බැලීම පිළිබඳ තොරතුරු සත්‍ය නම් 2006 වසරෙන් පසු උතුරු කොරියාව සිදුකරන ලද 4 වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම මෙය වේ. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පසුගිය මාසයේ පැවසුවේ ප්යොංග්යැංග් විසින් හයිඩ්‍රජන් බෝම්බයක් නිපද වූ බවයි. පසුගිය දෙසැම්බරයේ දීද ජයොංග්යැංග් මඟින් සබ්මැරීනයක සිට බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව නිවේදනය කළ අතර එහි සාර්ථකත්වය පිළිබඳ අනාවරණය කළේ නැත. 

ඒ.එෆ්.පී.

 


නව අදහස දක්වන්න