විපක්ෂයට මැතිසබේ කාලය පැයකින් දික් කෙරේ | දිනමිණ

විපක්ෂයට මැතිසබේ කාලය පැයකින් දික් කෙරේ

ස්වර්ණා විජේකෝන්, සුභාෂිණී සේනානායක සහ සන්ධ්‍යා කරුණාරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට වෙන්කර ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තුව ඊයේ (12) පැවැත්වෙන කාලය පැයකින් වැඩිකිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ විවාදය ඊයේ(12) පස්වරු 1.30 දක්වා පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතව තිබූ අතර එම විරෝධතාව හේතුවෙන් විවාදය පස්වරු 2.30 දක්වා දීර්ඝ කර එම කාලය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට ලබාදිය හැකි බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

පස්වරු 2.30 දක්වා කාලය දීර්ඝ කර එම කාලය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමෙන් පසුව එම කාලයෙන් විනාඩි හතලිහක් දිනේෂ් ගුණවර්ධන මහතාගේ කතාවට වෙන්කර තිබිණ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස)

මෙම විවාදය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට විනාඩි 12 යි වෙන් කර තිබෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනකු සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපට කෙනෙහෙළිකම් කරන්නට එපා. මෙය අපට සිදුකරන අපහාසයක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ)

විපක්ෂය සඳහා විනාඩි 72 ක් වෙන් කළා. එයින් විනාඩි 57 න් ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වෙන් කර තිබෙනවා. එවිට මේ මන්ත්‍රීවරුන්ට විනාඩි 15 යි වෙන් කළ හැකි වූයේ. එය අසාධාරණයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස)

රටට බලපාන ව්‍යවස්ථාවක් ගැන නම් කතා කරන්නේ සාධාරණ කාලයක් අපටත් ලබාදිය යුතුයි.අප‍ගේ මතය යටපත් කරන්නට හදන්න එපා.

විපක්ෂ නායක සම්බන්ධන් මහතා:-

මම යෝජනා කරන්නේ රැස්වීම් කාලය දීර්ඝ කරගෙන අවශ්‍ය කාලය ඔවුන්ට ලබාදිය හැකියි.

සභානායක -තව විනාඩි හැටක කාලයක් මේ විවාදයට වෙන් කරන කාලය වැඩි කරමු

නව අදහස දක්වන්න