ටජ් මහල් නැරැඹීමට ආ සංචාරකයෝ 5ක් මරුට | දිනමිණ

ටජ් මහල් නැරැඹීමට ආ සංචාරකයෝ 5ක් මරුට

ටජ් මහල් නැරඹීම සඳහා කුලියට ගන්නා ලද මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික පවුලක්ම සිදු වූ රිය අනතුරකින් මරු මුවට පත් වී තිබේ. මෙහි පවුලේ සාමාජිකයින් 5 දෙනෙක් ගමන් කර ඇති අතර එයට ළමයින් දෙදෙනෙක් ද ඇතුළත් වේ. මොවුන් නවදිල්‍ලියේ උපන් අය වූවත් ජීවත්ව ඇත්තේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේයිඩ්හිය. ඔවුන් විසින් එහි අවන්හලක් පවත්වා ගෙන යන බවත්, ඔවුන් ඉතා යහපත් අය බවත් අවන්හලේ සේවය කරන්නන් පවසා තිබේ.

මීට දස වසරකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ රුපන් දත්තා, ඔහුගේ බිරිඳ වන 45 හැවිරිදි අන්මිකා දත්තා, 12 සහ 15 වැනි වියේ පසුවූ නීකිතා සහ පිපාසා නැමැති දියණියක් දෙදෙනා, සොයුරිය වන 25 හැවිරිදි සෝනියා අනතුර සිදුවු ට්‍රිවාජි රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසියේ සිදු වූ මෙම සිදුවීමෙන් ශෝකයට පත් පිරිසට ඔවුන් වෙනුවෙන් ශෝක වීමට සහ යාඥා කිරීම සඳහා අවන්හල විවෘත කර තැබීමට දත්තාගේ පියා අවසර දී ඇත.

මෙම අනතුර සිදු වී ඇත්තේ අධිවේගී මාර්ගයකදී වන අතර 2012 අගෝස්තු මාසයේ සිට 2015 සැප්තැම්බර් මාසය දක්වා අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරු ප්‍රමාණය 2598ක් වන අතර ඒ අනතුරුවලින් 383ක් මිය ගොස් ඇත. 

 

නව අදහස දක්වන්න