බ්‍රිතාන්‍ය වැසියන්ගේ ප්‍රියතම ආහාරය බ්ලැක් පුඩිං | දිනමිණ

බ්‍රිතාන්‍ය වැසියන්ගේ ප්‍රියතම ආහාරය බ්ලැක් පුඩිං

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග අතර මේ දිනවල මුලින්ම ඇත්තේ “බ්ලැක් පුඩිං” ය. සාමාන්‍යයෙන් සොසේජස්, බේකන්, බදින ලද බිත්තර ආදිය ජනප්‍රිය උදෑසන ආහාර වර්ග වන අතර ඒවා ප්‍රෝටීන, යකඩ, කැල්සියම් සහ සින්ක් යන පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පොහොසත් බව ඔවුන්ගේ පිළිගැනීමයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍ය ජාතිකයින් සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ වසරකි. බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළින් ද ඒ සඳහා හොඳ උත්තේජනයක් ලබා දුන් අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර මෙන්ම ජීවන රටාව ද නිරෝගිමත් දිවි පෙවෙතකට කොතෙක් දුරට බලපාන්නේ ද යන්න මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව අලිගැටපේර මේදය, මැකා මුල් ආදිය මෙන්ම බිම්මල් සහ බ්ලැක් පුඩිං මේ ආහාර අතරින් ඉහළට පැමිණියේ කෙසේදැයි සමහරෙක් පුදුම වෙති.

සෞඛ්‍යය ‍ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ ද දැඩි අවධානය මෙම ආහාර ලැයිස්තු වෙත යොමුවන්නේ මේ නිසා ය. බ්ලැක් පුඩිං සඳහා යොදාගන්නා ඌරු රුධිරය, ඌරු මේදර, ඕට් ආදිය කොතෙක් දුරට සෞඛ්‍යයට හිතකර දැයි විමසිය යුතුය. සාමාන්‍ය ආහාර වේලකට වඩා බ්ලැක් පුඩිං හි 20% මේදය සමන්විත අතර කැලරි සහ ලුණු ඉහළ මට්ටමක පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සොසේජස්, ලිංගුස් හා මාංශ ආහාර මඟින් බඩවැල් ආශ්‍රිත පිළිකා ඇති විය හැකි බවට අනතුරු හැඟවූයේ පසුගිය වසරේය.

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න