සෙන්ටි මාර්ටින් ඇළ පිරිසුදු කිරීමට දහස් ගණන් මසුන් ඉවත් කරලා | දිනමිණ

සෙන්ටි මාර්ටින් ඇළ පිරිසුදු කිරීමට දහස් ගණන් මසුන් ඉවත් කරලා

බොහෝ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් වූ පැරිසියේ ජනප්‍රිය ජල මාර්ගයක් වන සෙන්ට් මාර්ටින් ඇළ මාර්ගය පිරිසිදු කිරීම සඳහා එහි සිටින දහස් ගණන් මසුන් ඉන් ඉවත් කිරීමට පැරිස් බලධාරින් තීරණය කරන ලදී. පිරිසිදු කිරීමේ කටයුත්තට මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවට ගණන් බලා ඇති අතර මේ ඇළ මාර්ගයේ කිලෝග්‍රෑම් 16ක් දක්වා වන කැට්ෆිෂ් වර්ගයේ මසුන් සෙයින් ගඟ වෙත ප්‍රවාහනය කළ බව සඳහන් වේ. අසනීප වූ මෙන්ම විකෘති මසුන් රැසක් ද මේ ඉවත් කිරීමේදී හමුවූ බව ප්‍රකාශිතය. ඇළ මාර්ගයේ පතුලේ ඇති දේ පිළිබඳ ඔබ පුදුම වනු ඇති බව ඇළ මාර්ගය පිරිසිදු කිරීමට එක්වූ පිරිස් පවසති.

බෝතල්, බයිසිකල්, වැසිකිළි භාජන, කාපට් මෙන්ම ආයුධ ද විසි කරන ලද තුවක්කු ද මේ ඇළ මාර්ගයේ බිත්ති සහ අගුව ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී හමුවූ අඩුමකුඩුම අතරේ වේ. මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වී සිටින ජල ජීවී විශේෂඥයෙක් වන රොමේන් සීලර් පැවසුවේ තවමත් මළ සිරුරක් හමු නොවීම පුදුමයට කරුණක් බවයි. කෙසේ වුවත් 1980 වසරේ දී පැරිසියේදී දක්නට ලබුණේ මත්ස්‍ය වර්ග 2ක් වුව ද මෙවර එය 35 දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.

ඒ.එෆ්.පී.


නව අදහස දක්වන්න