73 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලින්... | දිනමිණ

73 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලින්...

73 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙල ජනවාරි 10දා බෙවර්ලි හිල්ස් හි බෙවර්ලි හිල්ටන් හිදී පැවැත්වුණි. මේ සම්මාන උළෙලේදී 2015 වසරේ අමෙරිකානු රූපවාහිනී සහ චිත්‍රපට ඇගයීමට ලක්කෙරෙන අතර 2015 දෙසැම්බර් 10දා නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කරන ලද මෙවර චිත්‍රපට සඳහා වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභීන් මෙසේයි.

හොඳම චිත්‍රපටය, නාට්‍යය - ද රෙවනන්ට්

හොඳම චිත්‍රපටය, සංගීතමය හෝ විකට - ද මාර්ටියන්

හොඳම නළුවා, නාට්‍ය - ලියනාඩෝ ඩිකැප්රියෝ (ද රෙවනන්ට්)

හොඳම නළුවා, සංගීතමය හෝ විකට - මැට් ඩේමන් ( ද මාර්ටියන්)

හොඳම නිළිය, නාට්‍ය - බ්‍රී ලාසන් (රූම්)

හොඳම නිළිය, සංගීතමය හෝ විකට - ජෙනිෆර් ලෝරන්ස් (ජෝයි)

හොඳම සහය නළුවා - සිල්වෙස්ටර් ස්ටැලෝන් (ක්‍රීඩ්)

හොඳම සහය නිළිය - කේට් වින්ස්ලට් (ස්ටීව් ජොබ්ස්)

හොඳම අධ්‍යක්ෂක - ඇලෙජන්ඩ්‍රෝ ගොන්සාලෙස් (ද රෙවනන්ට්)

හොඳම විදේශ භාෂා චිත්‍රපටය - සන් ඔෆ් සෝල් (හංගේරියාව)

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න