මිල්ලනිය වැලිකල අමුණ කැඩිලා වසර විස්සයි | දිනමිණ

මිල්ලනිය වැලිකල අමුණ කැඩිලා වසර විස්සයි

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

මිල්ලනිය ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් වැලිකල අමුණ කැඩී වසර විස්සක පමණ කාලයක් ගත වි ඇතත් මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු වි නැතැයි ජනතාව පවසති .

දොරවල් හතරක් ඇති මේ අමුණේ දොරවල් දෙකක් කුඩා වන අතර ඉතිරි දොරවල් දෙක විශාලත්වයෙන් වැඩිය .ලැලි දමා ඇති මේ දොරවල්වල දැනට ලෑලි දිරාපත්ව ඇති අතර එක් දොරක ලෑලි සම්පුර්ණයෙන්ම නොමැති බව ජනතාව පවසති . මිට අමතරව මේ දොරවල් ක්‍රියාත්මක කිරිමට ඇති යකඩ ලිවරයේ රෝදය ද දිරාපත්ව තිබිම කණගාටුවට හේතුවකි .

අඩි 30 ක් පමණ දිග මේ අමුණේ වම් පැත්තේ ඉවුරට ගල් බැම්මක් දමා ඇති අතර එය ජල පහරට කැඩි ගොස් එම ඉවුරේ විශාල වළක් හැරි තිබෙන්නේ ජල කද පාලනය කර ගරනිමට අපොහොසත්වය . එමෙන්ම දකුණු පස ඉවුරේ අඩි 50 ක් පමණ දිග අඩි 8 ක් පමණ උස බැම්මක් සහ ජලයට බැසිමට පඩි 08 ක් පමණ ඉදි කළත් බැම්මත් පඩිපෙළත් ඇළට කඩා වැටි ඇත්තේ ඉදිකර සුළු කාලයකින් විම විශේෂත්වයකි .

ඇළේ සිට ජලය පහළට ගලා යැමට ඉදිකළ සොරොව්වේ ක්‍රියාකාරිත්වයද ඇනහිට ඇති අතර එය කැලයෙන් යට වි දිරාපත් වෙමින් පවතින්නේ මහ ගස්වලට ඒ මත වැඩෙන්නට ඉඩ දෙමිනි .

මේ සොරොව්වේ ජලය වෙල් යායට රැගෙන යාමට ඉදිකර ඇති අඩි 100 ක් දිග අඩි 06 ක් පළල දෙපා ඇළ මාර්ගය මේ වන විට දිය පොදක සිතල නොවිද වල් පැලැටිවලින් වැසි ගොස් ඇති අතර වැලිකල , නාගමුව , කනේවල , හේනේගම ආදි ප්‍රදේශවල කුඹුරු අක්කර 75ක් පමණ මේ වන විට වෙල් ආත්තා කැලයක් බවට පත්ව තිබෙන බව ජනතාව පවසති .

එන් .බි . විමලසේන මහතා-

ප්‍රේමදාස මහත්තයගෙ ආණ්ඩුව කාලෙ තමයි මේ අමුණ හැදුවෙ .ඊට පස්සෙ තමයි දෙපාව හැදුවෙ .අමුණෙ ලෑලි දොරවල් හතරෙන් එකක දැන් දොරවල් ගලවල .තියෙන ඒව දිරල .දොරවල් උඩට පහලට ගන්න කරකවන රෝදෙත් දිරල . ඉස්සර අමුණ බලා ගන්න කෙනෙක් හිටිය . එයා මැරුණට පස්සෙ කවුරුවත් නැ . මේ අමුණ ළග හරි ගැඹුරුයි . ළමයි දෙන්නෙක් නාන්න ඇවිත් ගිලිල හොයා ගත්තෙ පැය ගාණක් ගිහින් . ඉස්සර නෑවට දැන් වතුරට බහින්න බැ ඇඟ කසනව . ඇළ දෙපැත්තම කැඩිල ගිහිල්ල . එහා පැත්තෙ උණ පදුර ළග ගල් වැටිය කඩාගෙන ගිහින් . මෙහා පැත්තෙ බැම්මයි පඩිපෙලයි කඩාගෙන ගිහින් . අමුණයි ඇළයි දෙකම විනාශ වෙලා ඉවරයි දැන් .පැල්දිවෙල , විලකුඹුර , පහල වෙල අමුණ වටේට තියෙන මේ සේරම කුඹුරු පාලුවෙලා ඉවරයි . හුගක් ගොවියො වැහි වතුරෙන් වපුර ගන්න බලනව . බැරි කට්ටිය අත් ඇරල දාල .

එච් . ඩි . ගුණපාල මහතා -

මොරගහහේනෙ පෙරෙංගියා වලින් මේ ඇළ පටන් ගන්නෙ . අපේ ඉඩමෙන් තමයි අමුණට පාර දුන්නෙ පව් කියල . දෙපා ඇළ අපේ ඉඩම ළඟින් නතර කළා එහාට හදන්නෙ නැතුව . දැන් වතුර පාර සේරම අපේ ඉඩමට කඩා ගෙන එනව .ඇළ දෙපැත්තටම පැති බැම්මක් දැම්මෙ නැතුව එක පැත්තටයි දැම්මෙ . ඒක දාල අවුරුද්දක්වත් තිබුණෙ නැ කඩාගෙන ගියා . කොන්ත්‍රාත්කාරයො බොරු කරල වැඩේ කරගෙන ගියා . දැන් අපිට ළිදේ වතුර බොන්නත් බැ ළිද යටවෙන හින්ද .

ඡායාරූප-හල්තොට සමූහ 

නව අදහස දක්වන්න