රජයේ ඉඩම්වල සිටි ජනතාවට ඉඩම් අයිතිය | දිනමිණ

රජයේ ඉඩම්වල සිටි ජනතාවට ඉඩම් අයිතිය

සමන්මලී ප්‍රියශාන්ති

රජයේ ඉඩම්වල වසර ගණනාවක් ජිවත් වන ජනතාවට එම ඉඩම්වල අයිතිය නිත්‍යානුකූලව පැවරීමට ආණ්ඩුව තීරණය කැර තිබේ.

ඒ සඳහා පනතක් ලබන පෙබරවාරී මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කැර තිබේ.

මේ අනුව වසර 10 කට වැඩි කාලයක් රජයේ ඉඩම්වල දිවි ගෙවන ජනතාවට නුදුරේදි එම ඉඩම්වල අයිතිය ලබා දීමට නියමිතය. පවුල් ලක්ෂ 25 ක් පමණ මේ වන විට රජයේ ඉඩම්වල දීර්ඝ කාලීනව ජීවත් වෙන අතර එම ඉඩම් සම්බන්ධයෙන් අයිතිය තහවුරු කිරීමට ඔවුන් සතුව කිසිඳු ලියවිල්ලක් නොමැත.

මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් කඩිනමින් මේ අසරණ ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. 

නව අදහස දක්වන්න