භික්ෂු කතිකා පනත සඟරුවනේ ඉල්ලීමක් | දිනමිණ

භික්ෂු කතිකා පනත සඟරුවනේ ඉල්ලීමක්

කමනි අල්විස්

ථේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳව රජයට හෝ දේශපාලන පක්ෂවලට චෝදනා එල්ල නොකළ යුතු බවත් රජය සිදු කරන්නේ මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් බවත් වසර 2006 සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේ නායක ස්වාමීන් වහන්සේ කිහිප නමක් ඊයේ (19) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එක හඬින් ප්‍රකාශ කළහ.

මෙසේ ප්‍රකාශ කෙළේ දිවියාගහ යසස්සි නාහිමි, අකුරටියේ නන්ද නාහිමි ඕමල්පේ සෝභිත නාහිමි, බලපිටියේ සිරි සීවලී නාහිමියෝය.

මෙවැනි පනතක් ගෙනඒම ගැන රජයට ප්‍රශංසා කරන බව පැවසූ නායක ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නයේ ඉල්ලීම් මල්ඵල ගන්නා මොහොතේ මෙම පනතට ආශිර්වාද කළ යුතු බවත් සඳහන් කළහ.

පනතේ සංශෝධනය කරගත යුතු සුළු කාරණා කිහිපයක් පවතින බව පැවසූ උන්වහන්සේලා එම සංශෝධන ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අධිකරණ සහ බුද්ධශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙන බවත් ප්‍රකාශ කළහ. කොළඹ බුලර්ස් පාරේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණි. 

නව අදහස දක්වන්න