ලොව දිනකට 7200ක් මළ දරු උපත් | දිනමිණ

ලොව දිනකට 7200ක් මළ දරු උපත්

ලොව පුරා දිනකට සිදුවන දරු උපත්වලින් 7200ක්ම මළ දරු උපත් බව වාර්තා වේ. එය වසරකට මිලියන 2.6කි. මෙයින් අඩක් පමණම උපත සිදු වන අවස්ථාවේ ඇති ව න සංකූලතා හේතුවෙන් සිදු වන බව වෛද්‍ය සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. වසරකට සෑම උපත් 1000කින් 24.7 ක් මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන නමුත් 2000-2015අතර එය 18.4 දක්වා අඩු වූ බව එහි සඳහන් වේ.

98%ක් පමණ බහුතරයක් මේ තත්ත්වය වාර්තා වනනේ අඩු හෝ මධ්‍යම ආදායම් ලබන රටවල්වලිනි. උපත සිදුවන අවස්ථාවේ මිය යන සංඛ්‍යාව මිලියන 1.3ක් වීම කිසි සේතම සිදු නොවිය යුතු බව මේ සමීක්ෂණය සිදු කළ ‘ද ලැන්සෙට්’ හි කර්තෘ රිචර්ඩ් හෝර්ටන් සහ උදානි සමරසේකර ප්‍රකාශ කරයි. පෝෂණය, ජීවන රටාව එනම් ස්ථුලතාව/දුම්බීම, දියවැඩියාව වැනි බෝ නොවන රෝග, පිළිකා රෝග, හෘද රෝග ආදිය මළ දරු උපතක් සිදු වීම කෙරෙහි 10‍%ක් පමණ බලපාන බව සඳහන් වේ. එසේම මැලේසියාව 8%, සිෆිලිස් 7.7%කින් පමණ බලපෑම් ඇති කරයි.‍

මවගේ වයස අවුරුදු 35ට වැඩිවීම 6.7%ක්ද, අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් 4.7%ක්ද බලපාන බව වාර්තා කෙරේ. මල දරු උපත් ප්‍රමාණය යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලට වඩා දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල වැඩි බව මෙහිදී අනාවරණය වී ඇත.

අවම මළ දරු උපත් වාර්තා වන්නේ අයිස්ලන්තයෙනි. එය උපත් 1000කට 1.3 කි. ‍ඩෙන්මාර්කයේ උපත් 1000කට 1.7ක් වාර්තා වන අතර අවම මළ දරු උපත් සහිත රටවල් අතර ෆින්ලන්තයද නෙදර්ලන්තය, කොඒෂියාව, ජපානය, දකුණු කොරියාව, නෝර්වේ, පෘතුගාලය සහ නවසීලන්තය ප්‍රමුඛත්වය ගනී.

පකිස්තානය උපත් 1000කට මළ දරු උපත් 43.1ක් වාර්තා කරන අතර නයිජීරියාව, චැඩ්, නයිජර්, ගිනියාව, සෝමාලියාව, ඩිබොට් මධ්‍යම අප්‍රිකාව, ටෙංගො සහ මාලි හි තත්ත්වයද ඊට සමානය.

ඒ. එෆ්. පී

නව අදහස දක්වන්න