දෙවියන්ට අපහාස කළැයි තරුණයා අත කපා ගෙන | දිනමිණ

දෙවියන්ට අපහාස කළැයි තරුණයා අත කපා ගෙන

ඒ.එෆ්.පී.

දෙවියන් වහන්සේට අපහාස කළැයි ජනතාවගෙන් චෝදනා ලැබූ පහළොස් හැවිරිදි පිරිමි ළමයකු තමා විසින්ම එක් අතක් කපා දමා තිබේ. තමා විසින් සිදුකරන ලද වරදට එසේ දඬුවම් කරගැනීම සුදුසු බවයි ඔහු විශ්වාස කරන්නේ. කොසර් නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වාදී ඇති ඔහු තමාගෙන්, ශුද්ධ වූ මුහම්මද් තුමාට අපහාස වූ බවත්, ජනතාව විසින් ඒ බව පෙන්වා දීමෙන් ලැජ්ජාවට පත් වූ බවත් විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත.

තම සිතෙහි මුහම්මද්තුමා කෙරෙහි ඇති භක්ත්‍යාදරය පෙන්වීම සඳහා ඔහු මේ පියවර ගෙන ඇත. ඒ අනුව ඊසාන දිග පන්ජාබයේ තම ගමේ පිහිටි මුස්ලිම් පල්ලියේදී ඔහු අසන ලද පැනයක් හමුවේ අත්වැරැද්දකින් තම අත ඔසවා ඇත. මේ අවස්ථාවේ බැතිමතුන්ද 100ක් පමණ එහි සිටි බව වාර්තා වේ. පූජකතුමා පවසා ඇත්තේ ඔහු දෙවියන් වහන්සේට අපහාස කළ බවයි. ආපසු නිවසට ගිය වහාම ඔහු කර ඇත්තේ දෙවියන් වහන්සේට තම ආදරය හා ගෞරවය සහතික කරමින් එක් අතකින් අනෙක් අත කපා දැමීමයි. අනතුරුව එසේ කපා දැමූ අත රැගෙන ඔහු මීටර් 100 ක් පමණ දුරින් පිහිටි පල්ලියට ගෙන ගොස් පෙන්වා ඇත.

මේ වනවිට ඔහු ගම්මුන්ගේ සුවිශේෂ ගෞරවයට පත්ව ඇති අතර මීට අනුබල දුන් චෝදනාව යටතේ පූජකවරයා අත්අඩංගුවට ගෙන ඇත. නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයන් පූජකවරයාට දඬුවම් කළ යුතු යැයි අපේක්ෂා නොකරයි.

නව අදහස දක්වන්න