අයෝධ්‍යා දැන් පෙම්වතියක් | දිනමිණ

අයෝධ්‍යා දැන් පෙම්වතියක්

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ 'පබළු' ටෙලි නාට්‍යයේ අන්ධ යුවතියකවූ සයුරිගේ චරිතය සාර්ථක ලෙස නිරූපණය කරමින් ක්ෂේත්‍රයට එක්වූ දක්ෂ තරුණ රංගන ශිල්පිනියක ලෙස අයෝධ්‍යා දර්ශිකා හැඳින්විය හැකියි.

අයෝධ්‍යාගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා කියලා අපට දැනගන්න ලැබුණා. අපි ඒ ගැන ඇගෙන් විමසන්නට අමතක කළේ නෑ. ඒ ආරංචිය ඇත්තක් කියලා මුලින්ම රසඳුනට කිව්වේ හරිම සන්තෝෂයකින්.

''ඔව්, ඒ ආරංචිය ඇත්ත. මම දැන් පෙම්වතියක්. මගේ පෙම්වතාගෙ නම ගිහාන්. ගිහාන් බුවනෙක. එයා වෙළෙඳ නාවුක නිලධාරියෙක්. එයා ගොඩාක් හොඳ කෙනෙක්. මට ගොඩක් ආදරෙයි. මම එයාට ගොඩක් ආදරෙයි. එයා මම ගැන නිතරම හොයලා බලනවා.

ඔන්න මම රසඳුනට තමයි මේ ආරංචිය ඉස්සෙල්ලාම කියන්නේ. අපි දෙන්නා ළඟදීම විවාහ වෙන්නත් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්කෝ.''

ඒ ආරංචිය කියන අතර තවත් අලුත් ආරංචි කීපයක්ම කියන්න ඇය අමතක කළේ නැහැ.

''මේ දිනවල ජෝශප් ජෙරම්ගේ 'දන්තුර්යා' අනුර මාධව ජයසේකරගේ 'ඔය දොර අරින්න' චන්දන ධර්ම ශ්‍රී ගේ 'දුර්ග තරණය' ටෙලි නාට්‍යවල රූපගත කිරීම්වලට සහභාගි වෙලා ඉන්න නිසා ටිකක් කාර්ය බහුලයි. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ව්‍යාපාරයකට අතගහන්න.

ඒ වැඩ කටයුතුත් ළඟදීම පටන් ගන්නවා. ඉදිරියේ දී ටෙලි නාට්‍ය රංගනයෙන් ටිකක් ඈත්වෙලා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ. නිවේදනයට වඩා මම ගොඩක් කැමැති රංගනයටයි. රංගනයෙන්ම ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව. ඉතින් මේ අවුරුද්ද නම් මගේ ජීවිතේ වෙනස්කම් ගොඩක් සිදු වේවි.'' 

නව අදහස දක්වන්න