අලුතෙන්ම හදපු සින්දුව ගැන ගයන්ත කියන කතාව | දිනමිණ

අලුතෙන්ම හදපු සින්දුව ගැන ගයන්ත කියන කතාව

මේ දිනවල අන්තර්ජාලයෙන් සහ පුංචිතිරයෙන් නරඹන විචිත්‍රම ගීත රූප රචනාව කුමක්දඝ කෙනෙක් ඔබෙන් එසේ විමසුවොතින් ඔබට ඊට එක්වරම පිළිතුරක් දීමට අපහසුවීමට පුළුවන්. එහෙත් ඒ සඳහා සළකා බලන එසේත නැතිනම් මනසින් මෙනෙහිකරන මනරම් රූප රචනා ගොන්නට ‘මෝදුවෙලා සඳ පායන’ ගීයත් සමඟ දිගහැරෙන රූප පෙළක් එක්වීමට හොදටෝම ඉඩකඩ තිබෙනා. රවුම්කඩේළඟ, රෑ අහසේ, සුදුපාට මල් වැටුණු ආදී ගීත තුළින් රසිකයන්ට සමීපව සිටින ගයන්ත විජේසිංහ මේදිනවල අප හමුවට පැමිණ සිටින්නේ ‘මෝදුවෙලා සඳ හි යන ගීය’ ගයමින් දිගුකලකට වසු යොවුන් නිළි සෙනාලි ෆොන්සේකා මෙම ගීතයෙ රූප රචනාව සමඟ රචික හිත්වලට සමීපවීමත් විශේෂත්යක්. මේ නිම්ත්ත මුල්කොටගෙන අපි ගයන්ත සමඟ කතාබහකට එකතු වුණා.

* ගයන්ත මේ සින්දුව කියලා ලියවගත්ත එකක්ද?

සුරේන් ඩී. මට දිගටම සින්දු ලිව්ව කෙනෙක්. ඔහුගේ මේ පදවැල කාලයක් තිස්සේම සුරේන් ළඟ තිබුනා. ඇත්තටම එක එක මාදිලියේ ගීත නිර්මාණයට සුරේන් අති දක්ෂයෙක්.

වෙනස් වැඩක් කරන්න ලොකු වුවමනාවක් තිබිච්ච කාලේ මට මේ ගීතය හමුවුණා. වේග රිද්මයේ ගීත අතරට මේ වගේ ගීයක් අවශ්‍යකාලේ තමය සුරේන් ඩී ගේ ගීත රචනා ගොනුවෙන් මේ ගීය එළියට අරගෙන අපි මේ ගීතය බිහිකළේ.

මේ විෂුවල් එක ගැන කියනවා නම් මං කාලෙකට ඉහතදී සේනාලිට කිව්ව දෙයක් තමයි මගේ ඊළඟ සින්දුවේ විෂුවල් එකට ගන්නේ සෙනාලිව කියලා. ඒත් මේ සින්දුව කරලා විෂුමල් එක ප්ලෑන් කරද්දී සෙනාලි හිටියේ යූ.කේ.වල. ඇයව ලංකාවට ගෙන්වාගෙනයි විෂුවල් එක කළේ. ඊට වඩා දෙයක් විෂුවල් එක සම්බන්දයෙන් කියන්න රසිකයෝ ඒ තරමට මේ නිර්මාණය යටගියාව හොයන්න උනන්දුයි.

මටත් ඒ බව දැනිලා තියෙනවා. ඒත් මේක මගේ තනි වැඩක් නෙවෙයි. අපේ ගයන්ත ප්‍රඩක්ක්ෂන් ටීම් එකේ ටීම් වර්ක් එකක් මේක. දවල් රෑ නැතිව තුන් දවසක ම හන්සිය තමයි මේ ඉබ්බාගමු, අනුරාධපුරය, වැල්ලව අවට ඒ දවස් ගත කළේ.

ලෑන්ඩ්මාස්ටරයෙන් වතුර දෙබෑකරන් අපි ඉදිරියට එන දර්ශනය රෑගත කරන්න අපිට වැව පිරිලා ඇනිකට් එකෙන් වතුර උතුරන තුරුම බලා ඉන්න වුණා. ඇත්තටම ඒ මගේ ගම ඉබ්බාගමුව ඇළෙන් මාවතගම වෙන්කරන කඩඉම මේ ඇනිකට්එක සෙනාලිත් මමත් එකළඟ සිටින දර්ශනය ගත්ත කැන පහලට ගැඹුර අඩි සියකටත් වැඩියි. දිය සෙවළ බැදිච්ච එතැන ඉඳන් වීඩියෝවට පෙනී සිටිනන සෙනාලිත් චුට්ටක්වත් බය නොවිච්ච එකට මං ඇයට විශේෂයෙන් අගය කරනවා. මේ දර්ශනවලට පෙනී සිටීම හිස නිසාම සෙනාලිට සීරීම් තුවාලත් සිදු වුණා. ඒත් ඒ මුකුත්ම නෙපෙන්වා ඇයආසාවෙන්ම මේ වැඩේට කැපවුණා.

* ඒත් ඔබට අද රැල්ලේ එන බහුතරයක් පෞරුෂයෙන් හීන හොටු කඳුළු පෙරාගෙන හඬන, ගහමරා ගන්නත් පෙළ‍ඹෙන රූප රචනා මොඩලයෙන් පිට පැනීමම අභියෝගයක් වුණේ නැද්ද’

උඩුගම්බලා පිහිනීම නොදැන නෙවෙයි මේ වැඩේට අත ගැහුවේ. මේ කාලීන අවශ්‍යතාවක් කියලා මං විශ්වාස කරනවා. රැප්කරන්න නිතර පෙළඹෙන අපේ ජෙනරේෂන් එකේ සමහරුන්ට ඊට එහා වැඩක් කරන්න පුළුවන් කියලා අඟවන්න පුළුවන් නම් ඒක වැදගත්. අනෙක අපේ ශ්‍රී ලංකාව ලස්සනයි. අපි හිතුවේ ලස්සන දෙයක් කරනවා කියලාමයි. ඒ ඉලක්කයට ළඟාවෙන්න කැමැත්තෙන්ම ආදරයෙන් බොහොම කැපවීම් කරන පිරිසක් සමඟයි මං මේ වනවිට වැඩ කරමින් සිටින්නේ. 60 – 70 දශකවලදී සීටී, සුනිල් පෙරේරා වගේ අය ඔවුන්ගේම ආරක් ගොඩනඟා‍ෙගන මතුකළ රැලි තිබුණා.

ඒත් අද රිගින් ටෝන් එකක් කරනවා වගේ බිහිවෙන දඩිබිඩි වැඩත් එක්කයි ඒ තත්ත්වය යටගිහින් තියෙන්නේ. මේ වැඩේට මට හුඟක් හොද ප්‍රතිචාර තියෙනවා. ඒ වගේ කමෙන්ට්ස් එමටයි. ඒවායෙන් ලැබෙන උත්තේජනය අපව තවත් මේ වගේ නිර්මාණ කිහිපයක්වත් බිහිකරන්නට පොළඹවයි.

* ඉදිරියේදී රංගනයට යොමුවෙන්න අදහසක් නැද්ද?

රිදී සිත්තය වලට පස්සෙ මං රංගන කටයුත්තට අති තිබ්බෙම නැහැ. ආරාධනා ලැබුණා නමුත් කාර්ය බහුලත්වයත් එක්ක යොමුවෙන්නට බැරි වුණා. ඉදිරියේදී හොද චරිතයක් සමඟ රසිකයන් හමුවෙන්නට හිතාගෙන ඉන්නෙ.

* ඉදිරියේදී ඔබ ශාස්ත්‍රීය ගීත ගයන අයෙකු ලෙස අපට හමුවේවද?

මෙහෙමයි. අපේ රටේ විවිධ සංගීත යුග තිබෙනවා. ඒ වගේම අපි විවිධ පර්යේෂණත් කරනවා. මේ ගිතය වුණේ මේ ගීතය ජනතාව අතරට යායුතු කාලයේ කියල අපි හිතනවා. මේ ගීතයත් එක්ක මං ආයෙ පිබිදුණා වගේ හැඟීමකුත් තියෙනවා. ඉදිරියේදී රසිකයන්ගේ ඉල්ලීම් අනුව අර්තාන්විත ගීත බිහිවේවි. මේ හරසුන් ගීත පද්ධතියට අර්ථවත් යමක් බිහිවීම අපේ වගකීමක්.

නුවන් මහේෂ්

නව අදහස දක්වන්න