සාග් ක්‍රීඩා උළෙලට ගුවන් හමුදාවෙන් 109ක් | දිනමිණ

සාග් ක්‍රීඩා උළෙලට ගුවන් හමුදාවෙන් 109ක්

සාග් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටින ගුවන් හමුදාවේ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා සමග.

ඉන්දියාවේ පැවැත්වෙන 12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 97ක් එක්වී සිටිති. මෙවර ක්‍රීඩා උළෙලට අයත් තරග ඉසව් 23කින් ඉසව් 21කට තරග වදින මේ පිරිසට ක්‍රීඩකයන් 42ක් සහ ක්‍රීඩිකාවෝ 55ක් ඇතුළත්ව සිටිති. මීට අමතරව ක්‍රීඩා උළෙලට සහභාගිවන නිලධාරීන් සංඛ්‍යාවෙන් 12ක් දෙනකු ද ගුවන් හමුදාව නියෝජනය කරමින් එක්වී සිටීම විශේෂත්වයකි.

මේ කණ්ඩායමට දුනු විදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2ක්, මලල ක්‍රීඩා සඳහා 14ක්, බැඩ්මින්ටන් තරග ඉසව්වට 2ක්, බාස්කට්බෝල් පිලට 1ක්, පාපැදි තරගය සඳහා 11ක්, හෑන්ඩ්බෝල් සහ හොකී තරගාවලියට 12 බැගින් ද, ජූඩෝ තරග ඉසව්වට 11ක්, කබඩි තරග අංශයට 10ක්, කෝ කෝ කණ්ඩායමට 2ක්, වෙඩි තැබීමේ ඉසව්වට 1ක්, පාපන්දු පිලට 2ක්, ස්කොෂ් සහ පිහිනුම් තරග අංශවලට 1 බැගින් ද, ටයිකොන්ඩෝ ක්‍රීඩාවට 3ක්, තුන්ප්‍රයාම සඳහා 2ක්, වොලිබෝල් කණ්ඩායමට සහ බර ඉසිලීමේ කණ්ඩායමට 6 බැගින් ද, මල්ලවපොර කණ්ඩායමට 8ක් සහ වුෂූ ක්‍රීඩාවට 1ක් ලෙස ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති.

නව අදහස දක්වන්න