සජානා කවුරු වගේද? | දිනමිණ

සජානා කවුරු වගේද?

මං හිතන්නේ මම අපේ අම්ම වගේ

සජානා වනිගසුරිය

අහසින් වැටුණා ටෙලි වෘතාන්තයේ සුදු බබා මෙන්ම අග්නි ටෙලි නාට්‍යයේ මධුමතී ලෙස ඔබ හඳුනා ගත් ඇය මේ දිනවල අපට නිතර ඇසෙන ටෙහාන් පෙරේරාගේ උණුහුම ගීතයේ අකාලයේ මිළින වූ ආදර කතාවක ආදරවන්තියයි... එසේ කියු සැනින් ඇය සජානා වනිගසුරිය බව බොහෝදෙනා හඳුනා ගනීවි.

දිනවල සජානාගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

එග්සෑම් ඉවර වුණ නිසා මේ දවස් වල විවේකයෙන් සහ සැහැල්ලුවෙන් ඉන්නවා.

 

එග්සෑම් කිව්වේ?

මම දැනට වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා. 3 වැනි වසරේ විභාගය තමයි පසුගියදා ඉවර වුණේ.

ඒ කියන්නේ අනාගතයේ සජානා වෛද්‍යවරියක්?

ඔව්. මම කැමැති සමේ රෝග පිළිබඳ විශේෂඥවරියක් වෙන්න. කැමැති තවත් අංශ තියෙනවා. ඒ කාලේ වෙද්දි වඩාත් සුසුසු දේ තෝරා ගනීවි.

 

රංගනයෙන් ඈත් වෙන්නද කල්පනාව ?

අනේ නැහැ. රංගනයට විරාමයක් දීල තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. නමුත් තව වසර දෙකකින් හොඳ නිර්මාණයක් ලැබුණොත් මම දායක වෙනවා.

කලාකාරිනියක් ලෙස ඔබව හඳුන්වනවානම් කැමැති මොන අංශයෙන්ද?

නර්තනය, නිවේදනය, ගායනය සහ රංගනය කියන්නේ ක්ෂේත්‍ර‍ හතරක්. ඒ නිසා ලැබෙන අත්දැකීම් එකිනෙකට වෙනස්. ඉතින් ඒ හැම අංශයකටම මම කැමැතියි.

විවේකයක් ලැබුණම මොකද කරන්නේ?

අම්මා තාත්තා සහ අයියා එක්ක එකතු වෙලා කොහේ හරි ඇවිදින්න යනවා. සින්දු අහන්නත් කැමැතියි.

සැබෑ ජීවිතයේ සජානා කොයි වගේද?

නිදහසේ ඉන්න කැමැති සංවේදී කෙනෙක්.

අපිට නම් ආරංචි වුණේ ඔබ සංවේදී නැහැ කියලයි?

හිත් රිදෙන අවස්ථා තියෙනවා. මම බොහෝ විට එවැනි අවස්ථා මග හැරලා ඉන්න තමයි උත්සාහ ගන්නේ. ඉස්සර නම් ඔබ කිව්වා වගේ සංවේදි කම ටිකක් අඩුයි. නමුත් වයසින් පරිණත වෙද්දි ඒ දේවල් ඉබේම සිදු වෙනවා.

මිත්‍ර‍ශීලි නැහැ කියන්නේ ඇත්තද?

මිත්‍ර‍ශීලි කම නම් ටිකක් අඩුයි. මිතුරු වෙන්න ටිකක් කල් යනවා තමයි.

 

ආදරයේදිත් එහෙමද?

ඔව්. සබඳතාවයක් ගොඩ නඟා ගන්න කලින් ඔහුව හඳුනා ගන්න, තේරුම් ගන්න කාලයක් අවශ්‍යයි. ඉක්මන් තිරණ අරගෙන හිත් රිදවා ගන්නවාට වඩා කාලයක් අරන් එකිනෙකා අවබෝධ කරගැනීම හොඳයි කියලයි මම නම් හිතන්නේ.

සජානාගේ රුව බොලිවුඩ් නිළියකගේ රුවට සමානයි යැයි සමහරු කියනවාලු නේද?

ඔව්. සමහර අය කියලා තියෙනවා. ඒත් මං හිතන්නේ මං අපේ අම්මා වගේ.

ඒ කියන්නේ සජානා ජනප්‍රිය චරිතයක් ?

මට ඒකට හරි උත්තරයක් දෙන්න බැහැ. රූපවාහිනියේ වුණත් මං වැඩිපුර පේන්න නැති නිසා ගොඩක් අය මාව දන්නෙත් නැතුව ඇති. නමුත් බොහො දෙනෙකුගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්තයි.


නව අදහස දක්වන්න