උතුරු කොරියාවෙන් නව චන්ද්‍රිකාවක් උඩු ගුවනට | දිනමිණ

උතුරු කොරියාවෙන් නව චන්ද්‍රිකාවක් උඩු ගුවනට

ඒ.එෆ්.පි

විද්‍යාත්මක හා සාමකාමී කටයුතු වර්ධනය කිරීමේ අරමුණින් උතුරු කොරියාව නවතම චන්ද්‍රිකාවක් ඊයේ ගුවන්ගත කළ බව එරටේ රජයේ ගුවන්විදුලිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ කටයුත්ත මිසයිල පරීක්ෂණයක් වසං කිරීමට කළ ක්‍රියාවක් ලෙස විශ්වාස කරන අමෙරිකාව ප්‍රකෝපකාරී ක්‍රියාවකැයි චෝදනා කළේය. සොගේයි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එරට වෙලාවෙන් ඊයේ (07) පෙරවරු 9ට මේ රොකට්ටුව ගුවන්ගත කළ බව උතුරු කොරියානු රජයේ නිල පුවත් නිවේදනයද සනාථ කළේය.

දැනීමක් හා සාමාන්‍ය අවශ්‍යතා සඳහා මෙබඳු චන්ද්‍රිකා රාශියක් ඉතිරි කාලයේදී ද ගුවන්ගත කරන බව උතුරු කොරියාව කරන ලද ප්‍රකාශය අනුව සිදුවන්නේ ප්‍රහාරක මිසයිල අත්හදාබැලීම් ලෙස ජපානය හා දකුණු කොරියාව වැනි රටවල් සැක පහළ කර සිටිති.

උතුරු කොරියාව විසින් පසුගිය මාසය තුළදී සාර්ථක ලෙස හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදාබැලීම මෙම සැකයට මූලික හේතුව වී තිබේ.

මේ චන්ද්‍රිකාව කහ මුහුද පදනම්කරගත් ගමන් පථයක් ඔස්සේ අභ්‍යවකාශයට විහිදුන නිසා එමඟින් ඇමෙරිකාවට හෝ වෙනත් මිත්‍රයෙකුට තර්ජනයක් නොවූ බව ඇමෙරිකාවේ උසස් යුද නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස අමෙරිකාව, ජපානය හා දකුණු කොරියාව ඉල්ලා ඇත.

නව අදහස දක්වන්න