ළමා සොල්දාදුවන්ව සිටි පිරිස් තවමත් අසරණයි | දිනමිණ

ළමා සොල්දාදුවන්ව සිටි පිරිස් තවමත් අසරණයි

යුද්ධය නිම වී වසර 20 ක් ගතවී ඇති නමුත් එදා ළමා සොල්දාදුවන් වූ පිරිස තවමත් අසරණ තත්ත්වයෙන් සිටින බව නේපාලයෙන් වාර්තා වේ. එසේ ළමා සොල්දාදුවන් ලෙස කටයුතු කළ බොහෝ දෙනා විවිධ ආබාධයන් හේතුවෙන් කර කියා ගත කිසිවක් නොමැතිව වේදනාකාරී ජීවිතයක් ගතකරන බවයි සඳහන් වන්නේ. මේ පිරිස දහස් ගණනකි.

වයස අවුරුදු 14 දී පමණ මයොස්ට් හමුදාව සමඟ මොවුන් එක්වන්නේ රජයට විරුද්ධවය. ඒ නේපාලයේ මිලියන් ගණනක් වන දිළිඳු ජනතාව වෙනුවෙන් මයොස්ට් හමුදාව සටන් කරන බවට ඇති වන විශ්වාසය සමඟය.

යුද්ධය වසර 20 ක් පැවතිය ද, යුද්ධය නැවතී වසර 10 ක් ගතවුවද යුද්ධයට සක්‍රීයව දායක වූවන් විසින් ආබාධ සහිත තවමත් ඒ දිළිඳු ජනයා අතරම සුපුරුදු අසරණ තත්ත්වයෙන්ම ජීවත්වන බව වාර්තා වේ. එම ආබාධ හේතුවෙන් ඔවුන්ට රැකියා ලබාගැනීමට නොහැකිය. ඔවුන්ට අවශ්‍ය මොහොතේ ඔවුන් තමන් පාවිච්චි කළ බවත් අන්තිමට තමන් දෙස හැරී නොබැලූ බවත් ඔවුන් පවසයි.

මයොයිස්ට් ගරිල්ලන් ප්‍රථම ප්‍රහාරය එල්ල කරන්නේ 1996 පෙබරවාරි 13 දින බටහිර නේපාලයේ රොල්පා දිස්ත්‍රික්කයේ පොලිස් කණ්ඩයකටය. එතැන් පටන් 16,000 ක් පමණ ජීවිත අහිමි වනතුරු සහ සිය ගණනක් අතුරුදන් වනතුරු යුද්ධය පැවතුණි. මීට සම්බන්ධ වූ ළමා සොල්දාදුවන් ප්‍රමාණය 4000 ක් පමණ බව සඳහන් වේ. කෙසේ වෙතත් වයස සැපිරූ නිරෝගී පිරිසට නේපාල හමුදාවට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු නමුත් ආබාධිත හා වයස සම්පූර්ණ නොවූවන්ට අවාසනාව සමඟ ජීවත්වීමට සිදු විය.

ඒ. එෆ්. පී.

නව අදහස දක්වන්න