ගම්පහ නිවෙසක මාපිල් පැටවුන් 74ක් | දිනමිණ


 

ගම්පහ නිවෙසක මාපිල් පැටවුන් 74ක්

ගම්පහ - යාගොඩ නිවෙසක අත්තිවාරමකින් හමුවූ මාපිල් වර්ගයකට අයත් මාපිල් පැටවුන් 74ක් ඉකුත්දා වනජීවී නිලධාරීන්ට භාර දී තිබිණි.

මේ නිවෙසේ කුඩා දරුවකු විසින් සතකු සිටින බව දැක ඒ පිළිබඳ වැඩිහිටියන්ට දැනුම්දීමෙන් අනතුරුව එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු මෙලෙස පැටවුන් සහ බිත්තර සොයා ගැනිණි.

අනතුරුව වනජීවී නිලධාරින්ට දැනුම්දීමෙන් පසුව ගම්පහ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාර දී ඇත.

ඡායාරූපය හා සටහන :- ගම්පහ දිස්ත්‍රික් විශේෂ - සිසිල ගුණතිලක

අදහස් 1ක් ඇත

මෙම චායාරූපයෙ සිටින්නේ විද්‍යාත්මකව Xenochrophis piscator නමින් හඳුන්වන සර්ප විශේෂයේ එහෙමත් නැතිනම් හෙළබසින් දියබරියා නමින් හඳුන්වන සර්පයන්ගේ පැටව්ය. ලක්වාසී සර්පයන්ගෙන් ශරීර ප්‍රමාණයට සාපේක්ෂව වැඩිම බිත්තර ගණනක් බිජුලන සර්ප විශේෂය වන්නේද මොවුන්ය. මීට අමතරව සාමුහිකව බිජුලෑම සිදුකරන සර්ප විශේෂයක් ලෙසද හඳුන්වන්න පුළුවන්. එම නිසා පැටව් 74ක් හමුවීම පුදුමයක් නොවේ. ජනමාධ්‍ය තුලින් තොරතුරු ලබාදීමේදී අදාල ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් කරුණු තහවුරු කොරගත් පසුව පලකිරීම වඩා සුදුසු යැයි මා සිතනවා

නව අදහස දක්වන්න