කලබල අස්සේ දුමාල්ගේ කැදැල්ලට අමුත්තෙක් | දිනමිණ

කලබල අස්සේ දුමාල්ගේ කැදැල්ලට අමුත්තෙක්

සිරස සුපර් ස්ටාර් තරනගයෙන් කලා ලෝකයට අපු දුමාල් 2013 වසරේ තිබුණු රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම නවක ගායකයා බවට පත්වුණා.

පහුගිය අවුරුද්දේ ජුලි මාසේ වැඩි සද්ද බද්දයක් නැතුවම ෂෙන්‍යා දිසානායක එක්ක විවාහ වුණු දුමාල්ගේ ගෙදරින් අපිට පොඩි රහසක් ආරංචි වුණා.

ඒ තමා දුමාල්ගේ කැදැල්ලට අලුත් අමුත්තෙක් ඇවිල්ලා කියලා.

ඒ වෙනකවුරුත් නෙමෙයි දුමාල්ගෙයි ෂෙන්‍යාගෙයි කුළුඳුල් පුංචි පැටියා.

ඉතින් දිනමිණ ගොසිප් වෙව් එකේ අපිත් දුමාල්ගේ පුංචි පැටියට සුභපැතුම් එක්කරනවා.

දුමාල් මේ දවස් වල මන්දර පව්ව කියලා අලුත් වැඩකටත් ලෑස්ති වෙනවා කියලා අරන්චියකුත් අපිට ලැබුණා.

මේක සංගීත ප්‍රසංගයක් ලු.

වෙනස් සංගීත රටාවන් 5ක් නියෝජනය කරන දුමාල්, සමන් ලෙනින්, රූනී, තුසිත් සිම්සන් සහ රන්ජන් සාලිය මේ ප්‍රසංගයේදී එකම වේදිකාවට ගොඩවෙනවලු.\

සංගීතය මෙහෙයවීම දර්ශන රුවන් දිසානායකගෙන්.

ඔන්න ඒ වැඩේටත් අපි සුබ පැතුම් එකතු කරන්න අමතක කරන්නේ නැහැ.

 


නව අදහස දක්වන්න