කඹුරුපිටියේ යසස් මරුට - update | දිනමිණ

කඹුරුපිටියේ යසස් මරුට - update

ඔබේසේකරපුරේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ කඹුරුපිටියේ හර්ෂ සී යසස් කොළඹ ජාතික රෝහලේදී මරණයට පත් විය.

වැලිකඩ වෙඩි තැබීමක් - 2016-03-03 14:34:05 - UPDATE

වැලිකඩ ඔබේසේකරපුර - අරුණෝදය මාවතේ වෙඩි තැබීමක් සිදුව ඇති බව දිනමිණ ඔන්ලයින් වෙත වාර්තා වේ.

එම වෙඩි තැබීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, වෙඩික්කරුවන් යතුරුපැදියකින් පලාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගනිමින් සිටින බවද පොලිසිය කියා සිටියේය.

 

 

නව අදහස දක්වන්න