ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත අදාළ ඇමැතිවරුන්ට | දිනමිණ

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත අදාළ ඇමැතිවරුන්ට

කමනි අල්විස්

 මානව අයිතීන් සුරකින ආකාරයට සංශෝධනය කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව විසින් අදාළ ඇමැතිවරුන් තිදෙනාට ඉකුත්දා භාරදුන් බව එම කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දිනමිණට පැවසීය. ඒ අනුව පනත් කෙටුම්පත භාරදී ඇත්තේ අධිකරණ සහ බුද්ධශාසන ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහත්වරුන්ටය. එම ඇමැතිවරුන් කරන ලද ඉල්ලීමකට අනුව සංශෝධිත පනත් කෙටුම්පත සකස් කළ බවත් ඒ මහතා පැවසීය.

පොලිස් විමර්ශනවලට බාධා ඇති නොවන ආකාරයට අප රටට ගැළපෙන අන්දමට සංශෝධන සිදු කර තිබේ. ජාත්‍යන්තර නීති රීති සහ විශේෂයෙන් ආසියාවේ රටවල නීති රීති පිළිබඳව අධ්‍යයනයක් සිදු කර නීතිපතිවරයා සහ නීතිඥ සංගමයේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් කෙටුම්පත සකස් කළ බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසීය. 


නව අදහස දක්වන්න