සිරියෝ සහ ඔමේගා ලයින් වෙතින් තෙමහල් ගොඩනැඟිල්ලක් | දිනමිණ

සිරියෝ සහ ඔමේගා ලයින් වෙතින් තෙමහල් ගොඩනැඟිල්ලක්

සිරියෝ සමාගමේ අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා අතින් සඳලංකාව මැදි විදුහලේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත වූ අවස්ථාව. මේ අවස්ථාවට සහභාගී වූ සඳලංකාව මැදි විදුහලේ විදුහල්පති ජී. අසංක චාමින්ද හා හිටපු විදුහල්පති වයි. එච්. නන්දන යාපා මහත්වරු මෙහි වෙති.

ශ්‍රී ලංකාවේ පුමුඛතම ඇඟලුම් අපනයන සමාගම් වන බඩල්ගම සිරියෝ හා සඳලංකාවේ ඔමේගා ලයින් සමාගම් විසින් රුපියල් මිලියන 17ක වියදමින් සඳලංකාව මැදි විදුහලේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල එම සමාගම්වල අධ්‍යක්ෂ, ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා අතින් පසුගියදා විවෘත කෙරුණි. මෙම අවස්ථාවට සඳලංකාව මැදි විදුහලේ විදුහල්පති, ජී. අසංක චාමින්ද, හිටපු විදුහල්පති වයි. එච්. නන්දන යාපා හා ගිරිඋල්ල කලාප සැලසුම් අධ්‍යක්ෂිකා ජයනී ප්‍රසංගිකා යන මහත්ම මහත්මීන් හා එම සමාගම්වල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

නව අදහස දක්වන්න