බුද්ධිමතුන් කළ යුත්තේ රට හැර යෑම නෙ‍ාවේ | දිනමිණ

බුද්ධිමතුන් කළ යුත්තේ රට හැර යෑම නෙ‍ාවේ

නිරුෂි විමලවීර

උගත් බුද්ධිමතුන් කළ යුත්තේ වැටුප් ප්‍රමාණවත් නොවන බව පවසා රට හැර යෑම නොව රටේ අනාගතය වෙනුවෙන් කැපවීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේ කොළඹ තුන්මුල්ලේ පිහිටි බෞද්ධ සංස්කෘතික කේන්ද්‍රයේ ඊයේ(4) පැවැති රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ මහා සභා රැස්වීමට එක්වෙමිනි.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසිය. පරාක්‍රම සමුද්‍රයේ දොරටු විවෘත කළ අයුරින් කොන්දේසි විරහිතව නිදහසේ රට හැර යෑමේ අවස්ථාව අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්ට හිමිව තිබෙනවා.

ලෝකයේ කිසිඳු රටක උගත් බුද්ධිමතුන්ට මේ අයුරන් රට හැර යෑමේ නිදහසක් ලබා දී නෑ. ඒ වෙනුවෙන් රටවල් පැන වූ කොන්දේසි තිබෙනවා.

වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයේ දොරටු විවෘත කැර නිදහස් අධ්‍යාපනයට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම රටේ සංවර්ධන කාර්යක්. දීර්ඝකාලීන ආයෝජනයක්. වෛද්‍යවරු සහ ඉංජිනේරුවන් සමඟ මා මැනවින් වැඩ කර තිබෙනවා.ඉංජිනේරුවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වෙනස මා මැනවින් දන්නවා. මෙහිදී තිස්වසරක දීර්ඝ සේවාව අගයමින් ඉංජිනේරු මහත්ම මහත්මීන් වෙත සමරු තිළිණ ප්‍රදානය කෙරුණේද ජනාධිපතිවරයාගේ සුරතිනි.

අදහස් 3ක් ඇත

.. . බුද්ධිමතුන් කළ යුත්තේ රට හැර යෑම නෙ‍ාවේ. I send my request to Hon President In November, that refer to planning ministry up to now no response. I need to join country service even monthly losing SL Rs. 500,000/=. I know many government organizations have top vacancies how can request still gaps there?

Before considering about Educated people..take care about politicians....politicians do not care about the ideas of educated people...because of currupt politicians the country will ruin...there is no point of staying in the country if corrupt politicians rules the country...Educated people do not like to stay under currupt uneducated politicians who ruins the country..that is the other bitter truth...

බුද්දිමත් මිනිස්සු රට හැර යන්නේ මුදලටම නොවේ, තමන්ගේ දරුවන්ගේ අනාගතය ශ්‍රී ලංකාව තුල අතරමන් කරන්න අකමැති නිසා. ලංකාවේ නුගත් දේශපානජ්ජයන්ගේ නොමනා තීරණ වලින් තමන්ගේ දරුවන්ගේ ජිවිත බිලි දෙන්න බැරි නිසා. ඒ නිසා මේ ඉල්ලීමට කවදාවත් ජනතාව ඇහුම් කන් නොදෙන බව විතරක් ඔබ තුමා සිහියේ තියා ගත්තොත් හොදා.

නව අදහස දක්වන්න