මාලකට පහරදීම ගැන පරීක්ෂණ යළි ඇරැඹේ | දිනමිණ

මාලකට පහරදීම ගැන පරීක්ෂණ යළි ඇරැඹේ

විජයානි එදිරිසිංහ
සිරන්ජනී කුමාරි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට කොළඹ 7 පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයකදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කුරුඳුවත්ත පොලිසිය මඟින් යළි ආරම්භ කර තිබේ. 2014 පෙබරවාරි 24 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මාලක සිල්වා මහතා තම හිතවත් කිහිපදෙනකු සමඟ ඇඳුම් මිලදී ගැනීමේ යෙදී සිටියදී එම ආයතනයට කඩාවැදුණු මැර කණ්ඩායමක් මාලක සිල්වා මහතාට දරුණු ලෙස පහර දී තිබුණි. එම ඇඟලුම් ආයතනයේ විදුලිය සහ කැමරා විසන්ධි කර එම පහරදීම සිදුකර තිබිණි.

එම ප්‍රහාරයෙන් මාලක සිල්වා මහතාට බරපතළ ලෙස තුවාල සිදු වී තිබුණි. එසේ මෙම සිද්ධිය පිළිබඳ පොලිසිය මඟින් පුළුල් පරීක්ෂණයක් සිදුවූයේ හෝ ඊට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගනු ලැබුවේ නැත. එහෙත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමක් කර තිබිණි.

එම පොලිස් පරීක්ෂණයේදී අදාළ ඇඳුම් අලෙවි ආයතනයේ සී. සී. ටී. වී. කැමරා අධිකරණ නියෝගය මත පොලිසිය මඟින් අධිකරණයට බාර දී තිබුණි.

පහරදීමට අදාළ සාක්ෂි නොමැති නිසා මෙම පරීක්ෂණ අතරමඟ නැවතී තිබිණි.

මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන කුරුඳුවත්ත පොලිසිය එම ආයතනයේ සී. සී. ටී. වී. කැමරා යළි පරීක්ෂණ සඳහා අවශ්‍ය හෙයින් ඒවා ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ද කර ඇත.

නව අදහස දක්වන්න