ජනපති ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලෙස ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡාවක් | දිනමිණ

ජනපති ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලෙස ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල කඩිනමින් ලැබෙමින් පවතින බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිනී Dagmar Gabriele Wohrl මහත්මිය සමඟ පසුගියදා (01) මුදල් අමාත්‍යංශයේ පැවැති හමුවකින් අනතුරුව රවී කරුණානායක මැතිතුමා මේ බව කියා සිටියේය. ජර්මානු ඇමැතිවරිය සමඟ පැවැති සාකච්ඡාවේදී මෙරට ආයෝජන අවස්ථා සහ කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දැඩි සබඳතාව ව්‍යාපාරික ක්ෂේත්‍රය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජර්මානු තානාපති ආචාර්ය Juergen Morhard මැතිතුමාද මෙම හමුවට එක්ව සිටියේ ය.


නව අදහස දක්වන්න