මාතර නගරයේ වෙළෙඳ සලකින් රෝල්ස් කෑ සිසුවා මරු දකී | දිනමිණ

මාතර නගරයේ වෙළෙඳ සලකින් රෝල්ස් කෑ සිසුවා මරු දකී

රෝල්ස් ආහාරයට ගැනීම නිසා වැලිගම කප්පරතොට ප්‍රදේශයේ 10 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මව, පියා හා පියාගේ වැඩිමහල් සහෝයුරිය,බාල සොයුරා අසාද්‍ය තත්ත්වයෙන් පෙරේදා (5) මාතර මහ රෝහලට ඇතුළත් කැර ඇතැයි වැලිගම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නො.43,බණ්ඩරවත්ත,කප්පරතොට,වැලිගම යන ලිපිනයේ පදිංචිව සිටි ශ්‍රී සංඝානන්ද විදුහලේ මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටීමට සිටි ෂෙහාර නැමැති සිසුවෙකි. අසාද්‍ය තත්තවයේ පසු වන්නේ ධිවර කාර්මිකයකු වන 37 හැවිරිදි එච්.එච්.සනත් ප්‍රියකැලුම්,ඔහුගේ බිරිය ජනිතා ශියාමාලි (32),දුව නෙත්මි සේහාරා(14) පුතු නෙහාෂ් ශේරම්(7) යන අයයි.

මාතර නගරයට ආසන්න වෙළෙද සලකින් මිලදී ගත් රෝල්ස් කෑමෙන් පසු ඔවුන්ට දින තුනක් තිස්සේ යම් යම් අසාත්මිකතා හටගෙන අසනීප වී වමනය,පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඔවුහු පෞද්ගලික සායන වලින් ප්‍රතිකාර ලබා ඇත. පසුව පියා වැලිගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අතර තුරේ ෂෙහාර සිසුවාට ඇති වූ දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් ඹහුද වැලිගමරෝහලට රැගෙන යන විට මිය ගිය බව ඥාතිවරයකු වන සුරේස් මහතා කිය.

පසුව කඩිනමින් ඔවුහු මාතර මහ රෝහලට මාරු කර යැව් අතර අනෙක් සිවුදෙනා අසාද්‍ය තත්ත්වයේ එහි ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය.

පිටබැද්දර සමුහ


නව අදහස දක්වන්න