සරත් ෆොන්සේකාට සිදුවූ අසාධාරණය නිවැරදි කළා | දිනමිණ

සරත් ෆොන්සේකාට සිදුවූ අසාධාරණය නිවැරදි කළා

අසේල කුරුළුවංශ
සරත් ෆොන්සේකා මහතා මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව

ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරදුන් සරත් ෆොන්සේකා මහතාට පසුගිය රජයෙන් කළ අසාධාරණකම් සියල්ල වත්මන් රජය මගින් නිවැරැදි සාධාරණය ඉටුකරදී තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

කැබිනට් ඇමැති ධුරයක්ද හිමිව තිබෙන බැවින් දැන් රටේ සංවර්ධනයට ශක්තිය යොදවන්නැයිද මහනාහිමියෝ ෆොන්සේකා මහතාට කීය.

මල්වතු මහනාහිමියෝ එසේ පැවසුවේ ප්‍රදේශීය සංවර්ධන ඇමැති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 05දා උන්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීම සඳහා මල්වතු මහවිහාරයට පැමිණි අවස්ථාවේදීය.

නව ඇමති ධුරයක් නිසා අලුතින්ම සැලසුම් කර හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවත් කෘෂිකර්මාත අංශයේ දියුණුවට වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත බවත් මහනාහිමියෝ පැවසූහ.

තම අමාත්‍යාංශයට අයත් ආයතන වෙන්කිරීම මෙතෙක් සිදුකර නොමැති බවත් එම කටයුතු දැන් සිදුවෙමින් පවතින බවත් මෙහිදී ෆොන්සේකා මහතා කීවේය.

ග්‍රාමීය ජනජීවිතය නඟා සිටුවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන බවද හෙතෙම කීවේය.


නව අදහස දක්වන්න