‘දිනමිණ’ ගම් නගර චාරිකා ගැන පුර්ව දැනුවත් කිරිමේ හමුවක් | දිනමිණ

‘දිනමිණ’ ගම් නගර චාරිකා ගැන පුර්ව දැනුවත් කිරිමේ හමුවක්

දිනමිණ ගම් නගර චාරිකා ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය වේදින් හා අලෙවි නියෝජිත මහත්ම මහත්මින් පුර්ව දැනුවත් කිරිමේ හමුවක් අනුරාධපුර රජරට හෝටලයේදි පසුගිය (04) දා පැවැත්විණ.

ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතාගේ උපදේශකත්වයෙන් 'දිනමිණ' පුවත්පතේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ලබන 18දා අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ. ඊට සමගාමීව 'දිනමිණ' පුවත්පතේ විශේෂිත අලෙවි ප්‍රදර්ශන සතියක් ද පැවැත්වේ.

පුවත්පතේ නව ගමන් මග පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා ලේක්හවුස් ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරි (දැන්විම්) වරුණ මල්ලආරච්චි, සාමාන්‍ය අධිකාරි (අලෙවි ) ලාල් පෙරේරා, කළමණාකාර (අලෙවි) ඩි.එස් ඉලේසිංහ, කළමාණාකාර (දැන්විම්) රෝයි ජයසිංහ, කළමණාකාර (ප්‍රචාරක) ශාන්ත ජයමහ, නියෝජ්‍ය කළමාණාකරු (අලෙවි) අශෝක විජේසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

එහිදි මේ පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදින්ගෙන් හා අලෙවි නියෝජිත මහත්ම මහත්මින්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම ද සිදු විය.

සටහන හා ඡායාරුප - අනුරාධපුර මධ්‍යම සමුහ

නව අදහස දක්වන්න