නොරොච්චෝලේ ජගත් ප්‍රමිතියට නෑ | දිනමිණ

නොරොච්චෝලේ ජගත් ප්‍රමිතියට නෑ

නිසි ප්‍රමිතියක් නොමැති යල්පැන ගිය ද්‍රව්‍ය උපයෝගී කරගත් නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉඳිකර ඇත්තේ අන්තර්ජාතික ප්‍රමිතින්ට වඩා අඩු මට්ටමකින් යැයි විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා හෙළි කළේය.

එබඳු අමුද්‍රව්‍ය යොදා බලාගාරය ඉදිකිරීමට පැවැති රජය එකඟත්වය පළකර ඇති නිසා මේ පිළිබඳ නිසිදු වන්දියක් ඉල්ලිමට හෝ බලධාරීන්ට හැකියාවක් නැතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

“ගිවිසුමට අඩංගු භාණ්ඩ සන්නාමය පිළිබඳ තොරතුරුවලට එකඟවී ගිවිසුම් අත්සන් කර ඇත්තේ පසුගිය රජය හා ඉදිකිරීම් කළ සමාගම අතරය. එම කාලයේදී පවා ගිවිසුමට අයත් එම භාණ්ඩ සන්නාමයේ තාක්ෂණය යල්පැන ගිය එකක්ව පැවැතියා. එනිසා එය අපේ රටේ විදුලි බලාගාරයකට සුදුසු නොවුනත් එම ද්‍රව්‍යවලට පසුගිය ආණ්ඩුව කැමැති වී තිබෙනවා.“ යැයිද පෙරේරා මහතා කීය.

“මෙවැනි වැරැදි කරන කොන්ත්‍රාත්කරුවන් චීනයේදී බන්ධනාගාරගත කළත් අපේ රටේ එවැනි නීතියක් නැති නිසා ඔවුන් නිදහසේ සිටිනවා“ යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

ලක්විජය ගල් අඟුරු බලාගාරය 2011 වසරේදී විදුලිය උත්පාදනය කිරීමේ කටයුතු ආරම්භ වීමෙන් පසුව වාර්තා ගත බිඳ වැටීම් සංඛ්‍යාවක් වාර්තා විය.

සති දෙකකට පෙරදී පවා දිවයින පුරා විදුලි බල සැපයුමේ හිඟයක් ඇති කරවමින් දීප ව්‍යාප්තව විදුලිය බිඳ වැටීමක් සිදු වීමෙන් පසුව නොරොච්චෝලේද විදුලි බල සැපයුම ක්‍රියා විරහිත විමක් සිදුවිය. මෙනිසා විදුලිබල පද්ධතිය අළුත් වැඩියා කරන තුරු විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීමටද විදුලිබල මණ්ඩලයට සිදු විය.

නොරොච්චෝ විදුලිබල සැපයුම ඇන හිටීමෙන් සිදුවූ පාඩුව සමනය කිරීම සඳහා සාම්පූර්හි විදුලි බලාගාර තුනක් ඉදිකිරීමට සිදු වූ බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය. එයින් පළමු වැන්න වන ඉතා දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි ඉන්දියන් අරමුදල් යොදවන මෙගා වොට් පන්සියයක් උත්පාදනය කරන විදුලි බලාගාරය මෙම වසරේදී ආරම්භ වනු ඇත.

“ ඉන්දියාවෙන් අරමුදල් සපයන මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ලේඛන ඉදිරි මාස තුන තුළදී කැඳවන බව“ ද පෙරේරා මහතා කීය.

ජපානයෙන් ලැබෙන අරමුදල් උපයෝගීකරගෙන ගොඩනගනු ලබන මෙගාවොට් හයසියය සහ එක්දහස් දෙසීය බැගින් විදුලි බලය සැපයීම බලාගාර දෙකක් ඉදිරි දෙවසර තුළදී ඉදිකරන බවද ඒ මහතා කීය. මෙම බලාගාරය පිහිටුවීමෙන් ප්‍රදේශයේ පරිසර පද්ධතියට අහිතකර බලපෑමක් සිදුවේ යැයි චෝදනා කරමින් බලාගාරය ඉදිකිරිමට එරෙහිව යෝජිත ඉඩම අවට ජීවත්වන ජනතාව විසින් විරෝධතා රාශියක් පවත්වනු ලැබිණ.

මෙම ප්‍රශ්නය විමදිම සඳහා නොරොච්චෝලේ වෙසෙන ප්‍රජා නියෝජිත කණ්ඩායමකට සංචාරයක් සංවිධානය කර මෙබඳු බලාගාර වළින් සිදුවන පාරිසරික බලපෑම ප්‍රදර්ශණය කර නියෝජිත සාම්පූර් බලාගාරයෙන් එබන්දක් සිදුවන්නේ ඉතා අල්ප වශයෙන් බව පෙන්වාදීමට අමාත්‍යාංශය කටයුතු යොදනු ඇත.


නව අදහස දක්වන්න