සැහැලුවෙන් ඉන්න මං කැමැතියි - දුෂේනි මියුරංගි | දිනමිණ

සැහැලුවෙන් ඉන්න මං කැමැතියි - දුෂේනි මියුරංගි

කොහොමද උපේක්ෂා?

මගේ ඇත්ත නම උපේක්ෂා නෙවෙයි.

ඒක දන්නවා. ඒ වුණාට ඔබව මේ දිනවල වඩාත් ජනප්‍රිය එනමින්නෙ?

ඔව්. ඒ ආදරය ගින්දරක් ටෙලි නාට්‍ය හින්දා.

මොකක්ද ඔබේ සැබෑ ජීවිතයේ නම?

දුෂේනි මියුරංගි.

මා දන්නා පරිදි ඔබ කොළඹ කෙනෙක් නෙවෙයි.

හරියට හරි. මගේ ගම කුරුණෑගල.

ඉගෙන ගත්තේ?

වයඹ රාජකීය විදුහලෙන්.

ආදරය ගින්දරක් ටෙලි නාට්‍යයද ඔබේ පළමු රංගනය ඉදිරිපත් කළේ?

නැහැ. ඒක දෙවැන්න.

මොකක්ද පළමුවැන්න?

ආදර වැස්සක්.

ඔබ එහි කවුරු හැටියට ද රඟපෑවේ?

ආදරය ගින්දරක් සඳහා අත්දැකීම් ගන්නයි මං ආදර වැස්සක් සඳහා එකතු වුණේ. ඒ හින්දා මං එහි පොඩි චරිතයක් කළේ.

ඔබ කොහොමද රංගනයට පිවිසෙන්නේ?

මං 2013 අවුරුද්දේ අයි. ටී. එන්. අවුරුදු කුමරිය තරගයට එකතු වුණා. එහිදී කපිල ලියනගේ කියලා මහත්මයකුගේ මාර්ගයෙන් ලලිත් වසන්තව හඳුනා ගත්තා. ඔහු තමයි මට රංගනයට පිවිසෙන්න මඟපෑදුවේ. ලලිත් මහත්මයා යෝජනා කළා මුලින්ම ලොකු චරිතවලට යන්නෙ නැතුව පොඩි එකක් කරමු කියලා.

ඔබ නිළියක් වන්නට හිතාගෙන හිටපු කෙනෙක්ද?

නැහැ. ඒත් අවුරුදු කුමරි වුණාට පසුව ලොකු ආසාවක් ඇති වුණා මේ ක්ෂේත්‍රයට.

ඔබට මේ වන විට ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මට රංගනය ගැන ඇල්මක් ඇති වෙලා හරියට අවුරුද්දයි. ඒ කාලය ඇතුළත මට ප්‍රධාන චරිතයක් හිමි වීම මගේ වාසනාවට වෙච්ච දෙයක්.

කෙහොමද උපේක්ෂාට ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් ඉහළයි. ටෙලි නාට්‍යය විකාශය වන්නට පෙර එහි ගීතය රිලීස් කළා. ඒ වගේම ටෙලි නාට්‍යහි ඇඩ්ස් ගියා. ටෙලි නාට්‍යය විකාශය වෙනකොට මගේ රුව ගොඩක් දෙනෙකුට හුරුයි. යාළුාවො වුණත් දැන් මට කතා කරන්නේ උපේක්ෂා කියලා.

ඔබ නිල්වලා ආයතනය මඟින් මීට පෙර නිර්මාණය කළ ටෙලි සිතුවම් නරඹලා තියෙනවාද?

ඔව්. බොඳ මීදුම්, ඉතින් ඊට පස්සේ ආදී ටෙලි නාට්‍යය මං බැලුවා.

ඔබව අපි හඳුනා ගන්නේ මෙගා ටෙලි නාට්‍ය නිළියක් විදිහට. ඔබ කැමැතිද එහෙම හඳුන්වනවාට?

මෙගා නාට්‍ය වුණත් මෙගා නොවන නාට්‍ය වුණත් මේ ඉන්නේ මම. මම හිතනවා මාව ඉදිරියේදී දක්ෂතාවයක් ඇති නිළියක් ලෙස හඳුන්වාවි කියලා.

නිළියක් වීම තුළින් ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද?

මම හරිම ආසයි මිනිස්සුන්ගේ සිත් දිනා ගන්න. මගේ ටෙලි නාට්‍ය ගැන කතා කරද්දී මට අමුතුම සතුටක් දැනෙනවා. අන්න ඒ හින්දයි මං නිළියක් වුණේ.

උපේක්ෂා කියන්නේ ටිකක් අඬන චරිතයක් නේද?

මං මේ චරිතය වෙනුවෙන් ගොඩක් ඇඬුවා.

බොරුවටද, ඇත්තටද?

සමහර වෙලාවට ඇත්තටම ඇඬුවා. ා මෙගා නාට්‍යවල චරිත හිටි ගමං අතුරුදන් වෙනවා. ඔබත් ඒ ඉරණමට හසු වුණොත් මොකද කරන්නේ?

මං හිතන්නේ නෑ මට එහෙම වේවි කියලා. අනික කාලයක් තිස්සේ මෙහෙම චරියක් කළාට පසුව මිනිස්සුන්ගේ හිත් දිනාගත හැකිනේ. එතකොට කොහොමත් මිනිස්සු ආදරය කරනවා. දෙවනුව මට ඒ හා සමානව මොන යම් හෝ චරිතයක් ලැබේවි. එකක් නැති වෙන්නේ දෙකක් ලැබෙන්න කියලා කතාවක් මං අහලා තියෙනවා.

දුෂේනිට දැන් වයස කීයද?

තවම විසි එකයි.

මේ ක්ෂේත්‍රයේ දිගටම ඉන්නද කල්පනාව?

ඔව්. එයට අමතරව ව්‍යාපාර කළමානකරණය පිළිබඳ ඉගෙන ගන්නවා මං.

අනාගතයේදී ජොබ් එකක් කරන්න අදහසක් තියෙනවා වගෙයි?

එහෙම හිතාගෙන ඉන්නවා.

එතකොට කලාව?

ජොබ් එකක් කළත් කලාවට තමයි මුල්තැන දෙන්නේ.

ජොබ් එකක් කරන ගමන් කලාව කරන්න අමාරුයි කියන කාරණාව ප්‍රකටයි?

බලමු. තවම ලොකුවට ඒ ගැන හිතලා නැහැ. එන විදිහකට මුහුණ දෙනවා.

දුෂේනිට පෙම්වතකු ඉන්නවාද?

අනේ නැහැ.

කවදා හරි ජීවිතයට ළං කර ගන්නේ ක්ෂේත්‍රයේ කෙනෙක්ද, ඉන් පරිබාහිර කෙනෙක්ද?

ඒක කියන්න බැහැ. කවුරු වුණත් හොඳ කෙනෙක්ව තෝර ගන්නවා. මාව තේරුම් ගැනීම තමයි වැදගත්. කාලයක් ආශ්‍රය කරලා බලලා කෙනෙක්ව නිසි කාලෙදි හොයා ගන්නවා.

රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් එහෙම තිබෙනවාද?

අපි ෂූටිංවලට නුවරඑළියේ ගියා. උදේ පාන්දර පටන් අරන් රෑ දෙගොඩ හරියේ වෙනකම්ම වැඩ. හොඳටම සීතලයි. මොනවා කරන්නද සීතලේ ගැහි ගැහි රඟපෑවා.

ඔබ චිත්‍රපටවලට සම්බන්ධ වෙලා නැතිද?

තවම ක්ෂේත්‍රයට ආවා විතරයිනේ. මාව වැඩි දෙනෙකු හඳුනන්නේ නැති හින්දා වෙන්න ඇති මට චිත්‍රපවලට නම් තවම කතා කළේ නැහැ. ඉදිරියේදී එහෙම ආරාධනාවක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

මං හරිම සැහැල්ලු කෙනෙක්.

     

 

 

නව අදහස දක්වන්න