ෆ්ලයි ඩුබායි සුපුරුදු ගමනේ | දිනමිණ

ෆ්ලයි ඩුබායි සුපුරුදු ගමනේ

 ෆ්ලයි ඩුබායි ගුවන් යානයක් අනතුරට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන එම ගුවන් යානාවල ගුවන් ගමන් වල කිසිදු වෙනසක් සිදු කර නැති බවත් ගුවන් ගමන් පෙර පරිදිම ධාවනයේ යෙදෙන බවත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ගයත් අල් ගයත් මහතා පවසයි.

පසුගිය 18 වනදා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ 981 ගුවන්යානය මොස්කව් ගුවන්තොටුප‍ලට ගොඩබැස්සවීමේදී පෙරවු 4.00ට පමණ පුපුරා යාමෙන් ගුවන් මගීන් 62 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

එම ගුවන්යානය පුපුරා යාමෙන් ගුවන්යානයේ සිටි කුඩා දරුවන් හතර දෙනෙකුද ජීව්තක්ෂයට පත් විය. එදින මොස්කව් නගරයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් නියමුවා පැය දෙදකට අධික කාලයක් ගුවන් යානය ගුවන් පථය මත පතිත කිරීමට උත්සාහ ගෙන තිබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

හම්බන්තොට මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපලට මේ වන විට පැමිණෙන එකම ගුවන්සේවය ෆ්ලයි ඩුබායි ගුවන් සේවය වීම විශේෂත්වයක් වේ.

මත්තල ගුවන්තොටුපලට අගහරුවාදා,බ්‍රහස්පතින්දා සහ ඉරිදා පැමිණෙන ෆ්ලයි ඩුබායි ගුවන්සේවය කුට්නායක ජාත්‍ය්නතර ගුවන්තොටුපලට දිනපතා ගුවන්යානා පැමිණෙයි.

# සුභාෂීණී සේනානායක

නව අදහස දක්වන්න