මිනුවන්ගොඩ සංවර්ධන කටයුතු කඩිනම් කළ යුතුයි | දිනමිණ

මිනුවන්ගොඩ සංවර්ධන කටයුතු කඩිනම් කළ යුතුයි

බස්නාහිර පළාතේ මෙගා පොලිස් සංවර්ධන වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ගුවන්තොටුපොළට ආසන්නව තිබෙන මිනුවන්ගොඩ නගරය අංගසම්පූර්ණ නගරයක් වශයෙන් සංවර්ධනය කිරීම කඩිනම් කළ යුතුයි. දැනට පවරාගෙන තිබෙන ඉඩම්වල හා පවරා ගැනීමට තිබෙන ඉඩම්වල වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබාදෙන්න යයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා එසේ පැවසුවේ 2016 මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව මිනුවන්ගෝඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්ශ්‍රිණි ගුණතිලක මහත්මිය විසින් කැඳවා තිබූ මේ රැස්වීමේදී ගම්පහ දිස්ත්‍රික් නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කර තිබෙන මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලසුම නාගරික සැලසුම් නිලධාරිනී වයි. එස්. සේනාරත්න, නයනා රත්නවීර මහත්මීන් දෙපළ විසින් ඉදිරිපත් කරනු ලැබුවාය.

ගම්පහ දිස්ත්‍රික් නාගරික සංවර්ධන අධිකාරියේ වයි. එස්. සේනාරත්න මහත්මිය - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන ගම්පහ මහ නගරයට සමගාමීව එසේම කටුනායක ගුවන් තොටුපොළට ආසන්නතම දියුණු නගරය මිනුවන්ගොඩ නගරය වශයෙන් සලකා මේ නාගරික සංවර්ධන සැලැස්ම සැලසුම් කළා. එහිදී නාගරික ප්‍රදේශ‍ෙය් ජීවත්වන 9047ක් වූ ජනගහණයත් භූමිය ඇතුළු භෞතික සම්පත් හා කටුනායක ගුවන්තොටුපොළට ආසන්නතම නගරය මිනුවන්ගොඩ නගරය වශයෙනුත් සලකා ගම්පහ හැරුණවිට සංවර්ධනය කළ යුතු ඊළඟ නගරය වශයෙන් සළකා මිනුවන්ගොඩ නාගරික නව සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ල‍ිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා (එජාප) - මින්වන්ගොඩ ආසනය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ජනතාව මා කෙරෙහි විශ්වාසය තබා වසර පහකට පත්කළා. මේ වසර පහ අවසන්වීමට ප්‍රථම ජනතාව මගෙන් බලාපො‍රොත්තු වූ සේවය මා ඉටුකළ යුතුයි. එම නිසා මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතුයි. නගරයට ආසන්නව 50%ක් කුඹුරු. මේ කුඹුරු එකක්වත් දීර්ඝකාලයක සිට වගාකරන්නෙ නැහැ. අඹගහවත්තේ සිට නගරයට ආසන්නව තිබෙන කුඹුරු වගාවෙන් තොරව තිබෙන නිසා නගර සංවර්ධන සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට එම කුඹුරු සියල්ල ගොඩකිරීමට මා යෝජනා කරනවා.

ගම්පහ දිස්ත්‍රික් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරිනී වයි. එස්. සේනාරත්න මහත්මිය - දැනට අත්පත් කරගෙන තිබෙන භූමිවලත් භුක්තිය බාරදී නැහැ. සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට එයත් බාධාවක් වී තිබෙවා.

මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන වසන්ත කුමාර ජයසිංහ මහතා (එජාප) - පවරාගෙන තිබෙන ඉඩම්වල භූක්තිය බාර ගැනීමට නගර සභාව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර නැහැ.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා -

මිනුවන්ගොඩ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක වශයෙන් අලුතින් පත්කරන ලද ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා, අක්‍රමවත්ව වැඩ කටයුතු කෙරිල තිබෙන මිනුවන්ගොඩ නගරයට සැලසුම් කර තිබෙන නාගරික සංවර්ධන සැලැස්මට පූර්ණ සහාය ලබාදෙනවා. කිසිම භේදයක් නැහැ. එකතුවෙලා ප්‍රදේශයත් රටත් ගොඩනගමු.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු කීප දෙනෙක්ම කතා කළහ. 

උඩුගම්පොළ සමූහ

 

නව අදහස දක්වන්න