නිසොල්මනේ කූඩු තනන්නා: නිතඹ රතු වැහි ලිහිණියා | දිනමිණ

නිසොල්මනේ කූඩු තනන්නා: නිතඹ රතු වැහි ලිහිණියා

සකුන්තලා ජයසිංහ

සත්වයන්ගේ අපුර්වතම නිර්මාණාත්මක හැකියාවන් මැනිය හැකි කදිම අවස්ථාවක් වන්නේ කුරුලු ප්‍රජාව තම වාසස්ථාන තනා ගන්නා ආකාරයයි. කුරුළු ලෝකයේ නිර්මාණාත්මක බවින්, කල්පැවැත්මෙන් හා වඩාත් සුරක්ෂිත වාසස්ථාන තනා ගන්නා අය අතර වැහිලිහිණියා ඉදිරියෙන් සිටි.

වැහිලිහිණී විශේෂ කිහිපයක් ඇති අතර මෑතක දී ශ්‍රි ලංකාවට ආවේනික කුරුල්ලන්ගේ නාම ලේඛනයට ඇතුළත් වු නිතඹ රතු වැහිලිහිණියා හෙවත් රෙඩ් රම්ෆට් ෆැලෝ නැමති කුරුල්ලාගේ වාසස්ථානය ද ඉතා මනරම් ය.

නිතඹ රතු වැහිලිහිණියා තම නිවහන තනා ගන්නේ තනිකර මැටිවලනි. මැටි කුඩා කොටස්වලට ගෙන තම මුඛයේ දමා කෙළ සමඟ මිශ්‍ර කර බෝල වශයෙන් සකසා ගෙන නිවෙසේ බිත්ති බැඳ ගන්නා අතර එහි මතු පිට ස්වරූපය පුනීලයක් දෙකට පළා ගැනීමෙන් පසු ලැබෙන එක් කොටසක හැඩය මෙනි. ඇතුලුවීම සඳහා කුඩා කවුළුවක් හැර කූඩුවේ සියලු පැති මුළුමනින් ම මැටිවලින් ආවරණය කර ඇත.

ශබ්දවලින් තොර නිසොල්මන් තැන්වල කුඩු තනා ගන්නා මෙම වැහිලිහිණි විශේෂය අප්‍රේල් ජුනි මාසවල සිය වර්ගයා බෝ කර ගැනීම සඳහා බිත්තර දමයි. සෙන්ටිමීටර් 18ක් පමණ දිගින් යුත් කුඩා ශරීරයකින් හෙබි නිතඹ රත්තා කුඩා රෑන් වශයෙන් ජීවත් වෙයි.

වරකට බිත්තර දෙක තුනක් දමන අතර සෑම ලංකාවේ සෑම දේශගුණික කලාපයක ම ජීවත් වන මුත් තෙත් කලාපයේ සුලභ බවත් නිතඹ රතු වැහිලිහිණියාගේ තොරතුරු ගෙන හැර දක්වමින් විල්පත්තුව අභයභූමියේ වන සත්ව නියාමක බිමල් එරන්ද හේරත් මහතා පැවසීය.

නව අදහස දක්වන්න