තහනම් උත්තේජකවලින් තොරව ලොව ජයගන්න ‍සූදානම් | දිනමිණ

තහනම් උත්තේජකවලින් තොරව ලොව ජයගන්න ‍සූදානම්

ස්වර්ණා විජේකෝන්
චමීර ඇල්ලදෙණිය
රෝෂන් තුෂාර

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තහනම් උත්තේජක තොර ශරීර ශක්ති‍යෙන් ක්‍රීඩා කරන ජව සම්පන්න ක්‍රීඩකයන් ‍ලෙස ‍ලෝකය ජයගන්නට කටයුතු සම්පාදනය කිරීමට රජය පියවර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජය‍සේකර මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (7) ප්‍රකාශ ක‍ළේය.

ක්‍රීඩාවල ‍යෙදී‍මේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එ‍රෙහි සම්මුති පනත යට‍තේ නි‍යෝග පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා ‍මේ බව කී‍වේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය. ක්‍රීඩාවල ‍යෙදී‍මේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එ‍රෙහි සම්මුති පනත යට‍තේ නි‍යෝග පිළිබඳ විවාදයට ගැණින.

විවාද ආරම්භ කරමින් කතා කළ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගම‍ගේ මහතා (එජාප) තහනම් උත්තේජක නිසා ‍ලෝක‍යේ ක්‍රීඩා‍වේ ජීව ගුණයට විශාල බාධා පැමිණි ති‍බෙනවා. තහනම් උත්‍‍තේජක මත්ද්‍රව්‍ය වැනි භාවිතාවන් මැඩපැවැත්වීමට තහනම් උත්තේජක අධිකාරිය වැදගත් ‍වෙනවා. ‍මේ පනත යට‍තේ නි‍‍යෝග මඟින් තහනම් උත් තේජක ද්‍රව්‍ය ප්‍රවාහනය, විකිණීම ‍බෙදාහාරීම නීති වි‍රෝධී වන අතර වසර පහක සිරදඬුවමකට ද යටත් කළ හැකියි. ලක්ෂ දහයක මුදලක දඩයක් ද නියම කළ හැකියි.

පසුගිය රජය ජාතික ක්‍රීඩාව බවට රගර් ක්‍රීඩාව බවට පත් කරන්න උත්සාහ කළා. ර‍ටේ නායකයාත් නායකයා‍ගේ පුතාත් රගර් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට කටයුතු කළා. ඒ නිසා තාජුඩීන්ලා ඝාතනය වුණා. ඒකාල‍‍යේ තා‍‍රුණ්‍යයට ‍හෙටක් තිබු‍ණේ කිහිප‍ දෙනකුටයි. අද වන විට වත්මන් ආණ්ඩුව ‍යො‍‍‍වුන් පුරය ආරම්භ කර සෑම තරුණයකුටම අනාගතයක් සාදාදීමට පියවර කර ති‍බෙනවා. අද පාසල්වලින් ක්‍රීඩාවට ‍යොමු වන ප්‍රමාණය සියයට 5 දක්වා අඩු ‍වෙලා. විශ්වවිද්‍යාලවලින් ක්‍රීඩාවට ‍යොමුවන ප්‍රමාණය අඩු‍වෙලා. තරුණ‍යන් ක්‍රීඩාවට ‍‍යොමු කරන්න විධිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා- ‍මෙම විවාදය ආරම්භ වුණත් ඇමැතිවරයාවත් නි‍යෝජ්‍ය ඇමැතිවරයාවත් සභා‍වේ නැහැ. එය කනගාටුවට කරුණක්. ‍මේ පනත මා ක්‍රීඩා ඇමැතිවරයා ‍ලෙස කටයුතු කරන කාල‍යේ පාර්ලි‍මේන්තුවට ‍යොමු ක‍ළේ. තහනම් උත්තේජක අධිකාරිය පිහිට වූවත් එයට තවත් පහසුකම් අවශ්‍යයි. එයින් ඵලදායි කාර්යක් ඉටු කරගැනීමට හැකි‍වෙනවා. ජනවාරි 8න් පසුව ‍මේ ර‍ටේ ක්‍රීඩා ඇමැතිවරු ‍දෙ‍දෙනකු පත් කළා. නමුත් ‍මේ වන විට ක්‍රීඩාව බරපතළ ‍ලෙස බිඳවැටී ති‍බෙනවා. ක්‍රීඩා සංගම‍යේ හිටියා ආරක්ෂක ‍ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා‍ගේ පෞද්ගලික ‍ලේකම්වරයාත්. ඔහුත් අපි අයින් කළා. අද ක්‍රීඩා මාෆියාව හිස ඔසවනවා. අපි ක්‍රීඩාව ගමට ‍ගෙනි යන්න රජයක් හැටියට මිලියන ගණනක් ‍වෙන් කළා.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවි‍පෙ)- ‍මෙවන් පනතක් ‍ගේනවා ව‍ගේම ක්‍රීඩාව තුළ විනයක් ඇති කළ යුතුයි. ක්‍රීඩකයන් මුදල් මත යැ‍පෙමින් විවිධ දැන්වීම්වලට ‍පෙනී සිට අරක ‍‍‍බොන්න ‍මේක ‍බොන්න කියන තත්ත්වය නැති කළ යුතුයි. ක්‍රීඩකයන්ට මුදල් සම්බන්ධ පාලනයක් විනයක් ඇති කරන්න කටයුතු සම්පාදනය කළ යුතුයි. අඩුම තර‍මේ කණ්ඩායමක නායකයකුට උපනායකයකුටවත් විනය රීතී තිබිය යුතුයි. ලංකාවට ක්‍රීඩා කරන්නෙ නැති ක්‍රීඩකයන් ඉන්දියාවට ගිහින් ‍හොඳට ක්‍රීඩා කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමර‍සේන මහතා (එජාප)- ක්‍රීඩාව අද ‍දෙමාපියන් සාපරාධී ක්‍රියාවක් ‍ලෙස දකිනවා. ළමයින් ‍කෝම් පිට්ටු දන්නේ නැහැ. ‍මේක මහ ‍ඛේදවාචකයක්. සියයට විසිපහක් දියවැඩියා ‍රෝගීන්, හෘද‍ ‍රෝගීන් ‍මේ නිසා ක්‍රීඩා ඇමැතිතුමා ‍මේ පනත ‍ගෙන එනවා ව‍ගේම ප්‍රාථමික කාරණාවලට ‍අවධානය ‍යොමු කිරීම ඉතාමත්ම වටිනවා. ‍කොළඹට කිරි ගමට කැකිරි සම්ප්‍රදා‍යෙන් ඉවත්ව ග‍මේ ඉන්න දක්ෂයන් පිළිබඳ අවධාවනය ‍යොමු කළ යුතු ‍වෙනවා. බිම්තැන්නේ දක්ෂ දුණුවා‍යෝ ඉඳිද්දී ‍කොළඹ හ‍තේ දරු‍‍වෝ ජාත්‍යන්තර තරගවලට යනවා. මා එක ‍දෙයකට අවධානය ‍යොමු කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නෙ ‍දෙකක්. තහනම් උත්තේජන පරීක්ෂණවලට 2014 සාම්පල ‍‍233ක් යවා ති‍බෙනවා. එක සාම්පලයක් පරීක්ෂා කරන්න රුපියල් 30,000ක් විතර යනවා. ‍මේවා පරීක්ෂා කරන්න ලංකා‍වේ පහසුකම් නැහැ. එම පරීක්ෂණවලට ‍යොමු කරන මුදල් මා කියූ ප්‍රාථමික ‍දේ සංවර්ධනයට ‍‍යෙදවිය යුතුයි.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජය‍සේකර මහතා- තහනම් උත්තේජක සම්බන්ධ‍යෙන් 1990 කාල‍යේ විශාල කතිකාවත් ඇති වුණා. ‍ලෝක උත්තේජක කාර්යංශය පිහිටුවලා 1999 ‍මොන්ට්‍රියල් නගර‍යේ කටයුතු ආරම්භ කළා. 2005 ඔක්තෝබර් 10 වැනි දින ප්‍රංශ‍යේ පැරිස් නුවර ආරම්භ කළ එම සම්මූතීන් සඳහා 2011 දී අපි නිල වශ‍යෙන් අත්සන් කළා. එම අත්සන් කළ සම්මුතීන්ට සමගාමීව 2013 ‍මේ පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සමාරම්භක කටයුතු ආරම්භ කිරීම සම්බන්ධ‍යෙන් හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට මා ස්තුතිවන්ත ‍වෙනවා. තහනම් උත්තේජක ක්‍රියාවලිය සම්බන්ධ‍යෙන් රජයට විශාල මුදලක් වැය ‍‍‍වෙනවා. ‍මේ රජය මුකුත් කරලා නැහැ කියන කරුණට උත්තර ‍දෙන්න මා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරන්නම්. අපි රුපියල් මිලියන 102 වියදමින් පසුගිය 31 වැනි දින ක්‍රීඩා පරීක්ෂණාගාරයක් සෑදීමට සුගතදාස ක්‍රීඩාංගණය අසළ මුල්ගල තැබුවා. අද ‍මේ ක්‍රීඩා විද්‍යාගාරය පවත්වා‍ගෙන යන්නේ ක්‍රීඩා විද්‍යයයතන‍යේ තිබුණ කුඩා කාමර ‍‍දෙකකයි. අ‍නෙක් කරුණ මා ‍මේ ඇමැති ධුරය භාරගන්න විට ක්‍රීඩා සංගම් 17 ප්‍රශ්න තිබුණා. එම ක්‍රීඩා සංගම් සම්බන්ධ‍යෙන් ස්වාධීනව කටයුතු කරන්න ඉඩ සලසා ‍දෙනවා. ශ්‍රී ලංකා‍වේ ක්‍රීඩාවට ‍දේශපාලන මැදිහත්කම් ති‍බෙන බවට ප්‍රශ්නය ජාත්‍යන්තරයට ‍ගොස් ති‍බෙනවා. ‍ලෝක ඔලිම්පික් කමිටුව ‍මේ සම්බන්ධ‍යෙන් අප‍ගෙන් ප්‍රශ්න කර ති‍බෙනවා. ‍රොසෑන් නුවරට ගිය අපිව ඔලිම්පික් කමිටු සාමාජිකයන් උදාහරණ සහිතව බිත්තියට ‍හේත්තු කරලා අ‍පට ප්‍රශ්න ඉදිරිපත් කළා.

මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා-‍ලෝක ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකා‍වේ ක්‍රීඩාවට ‍දේශපාලන මැදිහත්වීම් ඇති බවට කළ ප්‍රශ්න කිරීම් සභාගත කරන්න හැකිද?.

ජය‍සේකර මහතා- සභාගත කරන්න ඕ‍නේ නැහැ. උදාහරණත් එක්ක මම කියන්නම්. ක්‍රීඩාවට අතුරු කමිටු පත් කරලා ති‍බෙනවා.

අලුත්ගම‍ගේ මහතා- ම‍ගේ කාල‍යේ අතුරු කමිටු ති‍‍බු‍ණේ නැහැ.

ජය‍සේකර මහතා-අතුරු කමිටුත් එක්ක තමයි ‍මේ ප්‍රශ්න ඇති වු‍ණේ. ‍මේ සම්බන්ධ‍යෙන් අදාළ නීතිමය රාමුව විමසීම සඳහා පනත් ‍කෙටුම්පතක් නීතිපතිවරයාට ‍යොමු කර ති‍බෙනවා. මම ක්‍රීඩා ඇමැතිවර‍යෙක් හැටියට බලපෑමක් කරන්නේ නැහැ. ‍දේශපාලන මැදිහත්වීම් අද ක්‍රීඩාවට නැහැ. කිසිම කමිටුවක් පත් කර නැහැ.

පසුගිය කා‍ලේ පළාත් ක්‍රීඩා සංකීර්ණ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඉදිකරන්න කටයුතු ආරම්භ කළා. හැබැයි ප්‍රා ‍දේශීය ක්‍රීඩා සංකීර්ණ නාවලපිටි‍යෙන් නතර වුණා. වත්මන් රජය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාස මට්ටමින් ක්‍රීඩා සංකීර්ණ සෑදීමට ජාතික වැඩපිළි‍වෙළක් ආරම්භ කර ති‍බෙනවා. අගමැතිතුමා‍ගේ උප‍දෙස් පරිදි එම කටයුතු ආරම්භ කර ති‍බෙනවා. මලික් සමරවික්‍රම හා අකිල විරාජ් මහත්වරුන්‍‍ගෙන් ප්‍රධානත්ව‍යෙන් කමිටුවක් පත් කර ති‍බෙනවා. පාසල්වල අවුරුදු 14ට අඩු ළමයි එකතු කරලා ඔවුන් දක්ෂ කුමන ක්‍රීඩාවට ද යන්න ‍සොයා බලා සංචිත ඇති කරන්න අපි බලා‍පො‍‍රොත්තු ‍වෙනවා. ක්‍රීඩා ඇමැතිවරයා විදිහට දිස්ත්‍රික්ක‍යෙන් දිස්ත්‍රික්කයට ‍ගොස් ක්‍රීඩා සංගම් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ ප්‍රශ්න හඳුනා‍ගෙන එම සංගම්වලට මුදල් ‍වෙන් කරන්න කටයුතු ‍යොදා ති‍බෙනවා. මාතර නුවර ක්‍රීඩා සංගම් සමඟ අපි දැනටමත් කතා කරලා ති‍බෙනවා. අද දින ක්‍රීඩා ‍නේවාසිකාගාර කුකුල් ‍කොටු ව‍‍‍ගෙයි. එම ක්‍රීඩා ‍නේවාසිකාගාරවලට ඇතුළු ‍වෙන්න ක්‍රීඩකයකුට බැහැ. අපි අද ක්‍රීඩාවන් 56ක් හඳුනා‍ගෙන ති‍බෙනවා. එම ක්‍රීඩාවන් 56ටම ස්ථාන සදා ‍දෙන්න කටයුතු කරනවා. ඒ ව‍ගේම ක්‍රීඩා සංගම්වලට මධ්‍යස්ථානයක් හදන්න කටයුතු කරනවා. කුසල් ජනිත් ක්‍රීඩකයා සම්බන්ධ‍යෙන් හිස‍කෙස් පරීක්ෂණයට යවා ති‍බෙනවා. ඔහු සත්‍ය ප්‍රකාශ කරනවාද කියා පරීක්ෂණයකුත් ති‍බෙනවා. බිමල් රත්නායක මහතා සඳහන් කර පරිදි ක්‍රීඩාව අතුරු පාලක මණ්ඩල නිසා ‍‍‍හෙම්බත්ව ති‍බෙනවා. ක්‍රීඩාංගණ භාවිතා කිරීම ‍වෙනු‍වෙන් විශාල මුදල් ප්‍රමාණයක් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් රජයට ‍ගෙවිය යුතු ‍වෙනවා.

නි‍යෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා- රුපියල් බිලියන 1.2ක් ‍ගෙවිය යුතු බවට කැබිනට් තීන්දුවක් ‍ගෙන ති‍බෙනවා. මහනුවර පල්ලේකැ‍ලේ හා ‍ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ‍ගෙවන්න රුපියල් මිලියන 50ගා‍නේ වාරික වශ‍යෙන් ‍ගෙවන්න තීන්දු කර‍ගෙන ති‍බෙනවා.

මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා- ක්‍රීඩා ඇමැතිතුමා සතයක්වත් ‍ගෙවන්න උවමනා නැහැ. අපි ඒ සම්බන්ධ‍‍යෙන් කැබිනට් තීන්දුවක් අරන් ති‍බෙනවා.

ආශු මාරසිංහ මහතා- ඔබතුමා කියන්නෙ ‍බොරු. මම එත‍කොට රාජ්‍ය ඉංජිනේරු සංස්ථා‍වේ සභාපති ක්‍රිකට් පාලක මණ්ඩලය බැඳී සිටිනවා ‍මේ මුදල් ‍ගෙවන්න.

දයාසිරි ජය‍සේකර මහතා‍- ක්‍රීඩා පරිපාලනය නිවැරැදි කරන්න රජයක් ‍ලෙස තීන්දු තීරණ ගන්න මම කටයුතු කරනවා‍. එ‍හෙම කටයුතු කරන්න බැරි නම් ‍මම ‍මේක දාලා යනවා. ඉතිහාස‍යේ වැරදි‍ දේවල් ‍වෙලා ති‍බෙනවා. ක්‍රීඩා මාෆියාවක් ති‍බෙනවා. අවුරුදු අටකට පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් කර ති‍බෙනවා. එයයි යහපාලන‍යේ ‍වෙනස.

නැවත පාසල් ක්‍රිකට් ක්‍රීඩා‍වේ සිට ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. නිවැරදිව ඉදිරියට යන්න නිවැරැදි තීන්දු ගන්න ක්‍රීඩා ඇමැතිවරයකු හැටියට කටයුතු කරනවා. මම ඉන්න තුරු අතුරුපාලක කමිටු දාන්නේ නැහැ. ඉදිරි වසර පහ ඇතුළත නිවැරදි දැක්මක් යට‍තේ 2024 ඔලිම්පික් ක්‍රීඩා උ‍ළෙල ඔළු‍වේ තියා‍ගෙන ජනාධිපතිතුමා‍ගෙයි, අගමැතිතුමා‍ගේයි මුදල් ඇමැතිතුමා‍ගේන් සහ‍‍යෝගය සහිතව කටයුතු කරනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය භාවිත‍යෙන් ‍තොර ශරීර ශක්ති‍යෙන් ක්‍රීඩා කරන ජව සම්පන්න ක්‍රීඩකයන් ‍ලෙස ‍ලෝකය ජයගන්නට කටයුතු සම්පාදනය කිරීමයි ‍මෙහි අරමුණයි.

නි‍යෝග සම්මත විය.

පාර්ලි‍මේන්තුව 3 වැනිදා පස්වරු 1.00 යළි රැස්වෙයි

නව අදහස දක්වන්න