සුමුදුගේ සුභ ආරංචිය දන්නවද? | දිනමිණ

සුමුදුගේ සුභ ආරංචිය දන්නවද?

මේ සුබ ආරංචිය දැනගෙන ටික කාලයක් වෙනවා

රූරැජනක්, නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක වන සුමුදු ප්‍ර‍සාදිනී පසුගිය දිනවල අපිට දකින්න ලැබුණේ නැති තරම්.. ඉතින් මේ නිසාම ඇයගේ වගතුග අපි හොයලා බැලුවා. ඒ පිළිබඳව සොයලා බලද්දි අලුත් ආරංචියකුත් අපිට දැන ගන්න ලැබුණා.ඒ ආරංචියේ වැඩි විස්තර දැන ගන්න රසඳුනේඅපි සුමුදුගේ නිවෙසට ගොඩ වැදුණේ මෙවර තරුවක් සමඟ පිළිසඳර අරඹන්නයි.

 

 සුමුදු කොහොමද අවුරුදු?

2016 අපි දෙන්නටම විශේෂ වසරක් නේ.. ඉතින් මේ අලුත් අවුරුද්ද නම් ගොඩක් සතුටින් ගත කළා.

 

 විශේෂ සතුටක් හිතේ හංගාගෙන නේද ඔය කතා කරන්නේ?

හ්ම්ම්.. ලොකු සතුටකින් තමයි ඉන්නේ..

 

 අපිට සුබ ආරංචියක් ලැබුණා. එහෙනම් ඒ කතාව ඇත්ත?

ඔව්.. ඇත්ත වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වුණු දෙයක් ඉෂ්ට වුණා

 

 අගේ නොකර ඉතින් කියමුකෝ මොකද්ද ඒ සුබ ආරංචිය කියලා?

කසාද බැඳපු දෙදෙනෙක් ඊළඟට දකින ලොකුම හීනයක් තියෙනවා නේ. ඉතින් ඒ හීනය දැන් සෑබෑවක් කර ගන්න පුළුවන් වුණා.

 

 ඒ රහස මුළින්ම කිව්වේ අපිට නේද?

ඔව්. හා හා පුරා කියලා ඔන්න රසඳුනට තමයි මුලින්ම කිව්වේ.

 

 ඒ හීනේ සැබෑ වෙලා දැන් කොච්චර කල්ද?

මේ සුබ ආරංචිය දැනගෙන දැන් ටික කාලයක් වෙනවා.

 

 සුමුදු - මිතිල කැදැල්ලට එන්න ඉන්නේ අමුත්තෙක්ද අමුත්තියක්ද?

ඒ ගැන නම් තාම අපි දෙන්න දන්නෙත් නැහැ. හැබැයි තව නොබෝ දිනකින් දැන ගන්න පුළුවන් වෙයි.

 

 සුමුදු කැමැති දුවෙකුටද පුතෙකුටද?

අපේ ලෝකෙට එන්නේ දුවෙක් වුණත් පුතෙක් වුණත් අපි සතුටින් බාර ගන්නවා.

 

 මේ දවස්වල කෑමට නොසෑහෙන්න ප්‍රියයි ලු නේද?

අම්මේ නැහැ.. කවුද ඒ කතාව කිව්වේ.. ඉස්සර ඉඳලම මම ටික ටික කන කෙනෙක්. දැන් ඒ ප්‍ර‍මාණය ටිකක් වැඩි වෙලා තියෙනවා මිසක් හැම වේලේම කන්නේ නැහැ. කොහොමත් ඉස්සරත් ගෙදරම හදන කෑම තමයි කන්නේ. කඩ කෑම වලට නම් ආසම නැහැ. විශේෂයෙන් මස් මාළු නම් කැවෙන්නේම නැහැ.

 

 මිතිල රැකියාවට ගියහම දැන් සුමුදුගේ තනියට කවුද ඉන්නේ?

මගේ අම්මා තමයි කෙහොමත් ළඟ ඉන්නේ. ඔෆිස් ගියත් මිතිල මං ගැන වැඩිපුර හොයලා බලනවා. ඇත්තටම මට වඩා ඔහු මාව පරෙස්සම් කරනවා.

 

 දැන් සුමුදුගේ සුපුරුදු කාල සටහන වෙනස් වෙලා ඇති නේද?

ඔව්. මුල් කාලයේදී කිසිම වැඩක් බාර ගත්තේ නැහැ. කලබලකාරී පරිසරයක් තියෙන තැන් වලටවත් ගියේ නැහැ.

 

 ඒ කියන්නේ කලා කටයුතු වලට විරාමයක් දීලාද ඉන්නේ?

ඔව්. මේ ආරංචිය දැන ගත්තු ගමන්ම හැම දේකින්ම අයින් වුණා. මුල්ම කාලේ පරෙස්සම් වෙන්න ඕනේ නිසා. දැන් නම් ඉඳහිට මොකක් හරි පාර්ටි එකක් තිබුණොත් සහභාගි වෙනවා.

 

 පුංචි අමුත්තා ආවාට පස්සේ සුමුදුගේ කලා කටයුතු සීමා වේවිද?

කෙහොමත් වැඩි කාලයක් බාබා වෙනුවෙන් තමයි කැප කරන්නේ. මම හැමදාමත් බොහොම තෝරා බේරා ගෙන වැඩ කළ කෙනෙක් නේ. ඉතින් ඉදිරියෙදිත් සුපුරුදු විදිහට හොඳ දෙයකට දායක වෙයි. හැබැයි ඉතින් අපි විදෙස් ගතවෙන්නත් බලා පොරොත්තුවක් තියෙනවා.

 

 ඒ කිව්වේ ස්ථිර පදිංචියටමද?

ඔව්.. බබා ලැබුණට පස්සේ විදෙස් ගත වෙයි බොහෝ දුරට. හැබැයි ලංකාවට ඇවිත් යන්න එනවා..ඒ ආවාහම හොඳ නිර්මාණයකටත් එකතු වෙනවා.

 

 හදිසියේම එහෙම තීරණයක් ගත්තේ?

හදිසියේම ගත් තීරණයක් නෙමෙයි. අපි ටික කාලෙක ඉඳන් සැලසුම් කරගෙනයි හිටියේ.

 

 සුමුදුට හෙටත් විශේෂ දවසක් නේද?

ඔව් නේ..

ඔන්න එහෙනම් සුබ උපන්දිනයක් වේවා කියලා අපි සමුගන්නම්..

ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි..!

නව අදහස දක්වන්න