අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම කොස්ලන්ද ශ්‍රී අරියවංශාරාම පුරාණ විහාරස්ථානයට පසුගිය 13 දින පෙ.ව. 10.30 ට පමණ පැමිණියේ ය.
එසේ පැමිණීමෙන් පසුව විහාරාධිපති කොස්ලන්දේ ඥානතිලක හිමියන්ට දැහැත් පිළිගන්වා ගෞරව කිරිමෙන් අනතුරුව විහාරස්ථ ආරාමයේ දී අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති හිමියන් සමඟ සුහද පිළිසදරක ද යෙදුණෝය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා එම විහාරස්ථානයට හතර වතාවට පැමිණි බව සිහිපත් කළ අතර, මීට ඉහත පෙරහරට ඇරයුම් කළත් ඊට සහභාගි වීමට නොහැකි වු බවත් සිහිපත් කළේ ය.
මෙහි දී විහාරාධිපති හිමියෝ බෙරගල -වැල්ලවාය මාර්ගය මහන් තීරු දෙකකින් යුතුව කාපට් කර දෙන මෙන් ඉල්ලීමක් කළ අතර,ඊට සුබවාදීව අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා ඉදිරියේ දී වේගවත් සංවර්ධනයකට රජය යොමු වන හෙයින් මේ සඳහා ප්රමුඛත්වයක්ලබා දීමට ලිඛිත ඉල්ලීමක් කරණ මෙන් කාරුණික ඉල්ලීමක් කළේ ය.
අනතුරුව බුදු මැදුරට සහ බෝධියට ගොස් වන්දනාමාන කළ අග්‍රාමාත්‍යවරයා තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.
විහාරාධිපති හිමියන් අග්‍රාමාත්‍යවරයාට පිරිත් නූල් බැදීමෙන් අනතරුව අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති හිමියන්ට පිරිකර පූජා කළේය.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදින් අමතමින් ලැබුවා අවුරුද්ද සාමය, සමගිය පිරි ජාතින් අතර සුහදතාව වර්ධනය වන සෞභාග්‍යමත් නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරණ බවත් මේ තුළින් රටේ සංවර්ධනය වේගවත් කළ හැකි බවත් පැවසීය.
නව අදහස දක්වන්න