ජී-හත සමුළුවට ආරාධනාවක් ලැබීම විශාල ජයග්‍රහණයක් | දිනමිණ

ජී-හත සමුළුවට ආරාධනාවක් ලැබීම විශාල ජයග්‍රහණයක්

චන්ද්‍රිකා පෙරේරා
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ඊයේ (18) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ හා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. එහිදී අමාත්‍යවරුන් මාධ්‍යයට අදහස් දැක්වූ අයුරු. ඡායාරූපය - වාසිත පටබැඳිගේ

මැයි මස පැවැත්වීමට නියමිත ජී-හත සමුළුවට අපේ ජනාධිපති තුමාට ආරාධනාවක් ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.ප්‍රබල ආර්ථිකයක් නැති කුඩා රටක් ලෙස මෙවැනි සමුළුවකට ආරධනාවක් ලැබීම පිළිබඳ දේශපාලන භේදයකින් තොරව සැවොම සතුටුවිය යුතු බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(18) පැවැති හමුවේදී ඇමතිවරයා එම අදහස් පළ කෙළේ ය.

හෙතෙම මෙසේ ද කීය.

වසර හතර හමාරකට පස්සෙ පැවැත්වෙන මැතිවරණයේ දී අපි නැවත සන්ධානයට එක්වෙනවා .පක්ෂය ජයගැනීමට කටයුතු කරනවා.

පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩලය ඉදිරියේ දී නිසි තීරණ ගනීවි.ඒ තීරණ අපි කාටත් පොදුයි.නමුත් කුමාර වෙල්ගම මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් එකට සන්සන්ධනය කළ නොහැකි බව මතක තබාගන්න ඕනෙ.මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ගැන හොඳින් හිතලයි තීරණයක් ගන්නෙ. එජාපයට මෙන්ම ශ්‍රී ලනිපයටත් තම ප්‍රදේශවලට මෙන්ම පාක්ෂිකයන් වෙනුවෙන් කටයුතු කරන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා.තම පළාතේ සංවර්ධන කටයුතු කරන්න දිස්ත්‍රික් මට්ටමින් මුදල් පාස්වෙළා තිබෙන්නේ.නැවතිලා තිබුණ සංවර්ධනය දැන් ආරම්භ වෙනවා.

ජනතාව එක පක්ෂයකටවත් බලය දුන්නේනැත්තේ සම්මුති ආණ්ඩුවකට කැමති නිසා.ජනාධිපති අගමැති පක්ෂ දෙකෙන් වුවත් සමඟිව එකමුතු රටට වැඩ කරනවා.නම්‍යශීලීයි. කිහිපදෙනෙකුට‍ මේ සම්මුති ආණුව තවම තේරුම් ගැනීමට නොහැකි බවක් පෙනෙනවා.ඉදිරියේ දී ඒ අය තේරුම්ගෙන ආණ්ඩුවට සහය පලකරාවි කියා මා විශ්වාස කරනවා.

මැයි මස පැවැත්වීමට නියමිත ලොව බලවතුන්ගේ ජී හත සමුළුවට අපේ ජනාධිපති තුමාට ආරධනාවක් ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.ප්‍රබල ආර්ථිකයක් නැති කුඩා රටක් ලෙස මෙවැනි සමුළුවකට ආරධනාවක් ලැබීම පිළිබඳ දේශපාලන භේදයකින් තොරව සැවොම සතුටුවිය යුතුයි. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ, සංහිඳියාව ශක්තිමත් කර පවතින සාමය ආරක්ෂාකර ගනිමින් යන ඉදිරි ගමන,සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ ආදිය පැහැදිලි කැර අපේ රට ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟන්නට මෙය හොඳ අවස්ථාවක්.අපට ඇති අභියෝග ජය ගැනීමට උපකාර ලබා ගැනීමට හැකි අවස්ථාවක් මෙය.

මීට පෙර පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෛත්‍රීපාල සිරසේන මහතාට ලැබුණු අවස්ථාවෙන් ද හොඳ අවස්ථාවක් උදාකර ගැනීමට ජනාධිපතිවරයා සමත් වුණා.

ප්‍රායෝගිකව සිතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන නායකන් හමුවී එරට ව්‍යාපාරික ප්‍රජාවද සමඟ කතා කර මෙරටට සහයෝයෝගය ලබා ගැනීම තහවුරු කළා.එදා සිටම චීනය අප සමඟ කටයුතු කළ රටක්.

ජවහල්ලාල් නේරු මහතා කියා ඇති ලෙස තම රටට වාසිදායක ලෙසයි විදේශ ප්‍රතිපත්ති පවත්වා‍ගත යුතු වන්නේ.

මේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යන්න ප්‍රායෝගික ප්‍රතිපත්තියක අප සිටින්නේ.

මෙරටට චීනයෙන් පසුගිය දා ලබා දුන් මුදල තෑග්ගක් ලෙස ලද දෙයක්.ණයක් නොවේ.කොන්දේසි විරහිතව ලබාදුන් මුදලක්. වරාය නගරය ඉදිකිරීම මේ මුදල ලැබීමට සම්බන්ධයක් නැහැ.

‍මේ සංවර්ධන කාර්යයේ දී අප චීන පාර්ශවයෙන් ආයෝජකයන්ට ආරාධනා කළා.එයින් අපට ණය ගෙවීම අවම වෙනවා.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා

චීනය කොන්දේසි විරහිතව වත්මන් ආණ්ඩුවට උපකාර කරන්නට ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය නායකයා සමඟ මැයි රැළිය ගාල්ලේ පැවැත්වීමට කටයුතු කරන විට තවත් පිරිසක් වෙනත් තැනක වෙනත් අවශ්‍යතාවයක නිරතවන්න හදනවා.මහින්ද රාජපක්ෂ මහතාට අප විරුද්ධත් නැහැ තරහත් නැහැ.කෙසේ වුවත් පක්ෂය පරාජය කරන්න අපි ඉඩදෙන්නැහැ.පක්ෂ නායකත්වය බාරදුන‍්නේ මහින්ද මහතාමයි.අපි සිටින්නේ නිත්‍යනුකූල නායකයා සමඟයි. සම්මුති ආණ්ඩුවෙ පොඩි පොඩි ගැටලු තිබෙනවා.නමුත් මේ ආණුඩුවට ඉදිරියට යා හැකි බව ජනතාව විශ්වාස කරනවා.මේ සම්මුති ආණ්ඩුවට බලය දුන්නේ ජනතාව.‍ලෝකයත් පිලිඅරගෙන තිබෙන්නේ.එදා ආණ්ඩුව ජිනීවා ගැටලුව සම්බන්ධයෙන් කතා කරන විට බොහෝ ර‍ටවල් අපට සහය දීම ප්‍රතික්ෂේප කළා.අද ඒ සෑම රටක්ම අපව පිළි අරන්.

අපට දිගටම මේ විදිහට සිටින්න අවශ්‍ය නැහැ.නමුත් ජනතා කැමැත්තට ඉඩදී සිටින්නේ.

ජාත්‍යන්තරයේ සහයෙන් මේ ආණ්ඩුවට සංවර්ධනය කරා යාහැකියි. මේ සියලු දේ කරන අතර අපි ශීලාචාර විය යුතුයි.පාර්ලිමේන්තුවෙදි අපි සැවොම මිතුරෝ.

රට හා රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ අප කිසිවෙක් හෑල්ලුවට ලක් නොවිය යුතුයි.පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් බෙදා දුන් අවස්ථාවෙ එජාප මන්ත්‍රීවරයෙකු‍ගේ හැසිරීම නිසා යම් අපහසුතාවයක් ඇති වුණා.නියෝජ්‍ය ඇමතිවරයෙක් කළ කතාවෙ කිසිම ශීලාචාරකමක් නැහැ.එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ සම්බන්ධයෙන් තීරණයක් ගතයුතුයි.

නව අදහස දක්වන්න