ශීර්ෂාභරණ පැළඳවීමේ මහෝත්සවය අද | දිනමිණ

ශීර්ෂාභරණ පැළඳවීමේ මහෝත්සවය අද

ජීවනී පතිරණ

හස්තිශෛලපුර ‘තරු යාය‘ නර්තන කලා සංසදය මගින් පවත්වනු ලබන ශීර්ෂාභරණ පැළඳවීමේ මහෝත්සවය සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ නර්තන අංශාධිපති සුමති ශිල්පාධිපති මහතාගේ ප්‍රධානත්වයෙන් ඇත්කඳ රජමහා විහාරයේ දී අද (20) සිදු කෙරේ. උඩරට නර්තන කලාව හැදෑරූ බාලිකාවන් 75 දෙනකු මෙදින ශීර්ෂාභාරණ පැළඳවීමට සුදුසුකම් ලබා ඇත.

සාම්ප්‍රදායික උඩරට නර්තනයෙහි අනන්‍යතාව රැකගැනීම සඳහා ඉමහත් කැපවීමක් කළ ශිල්පාධිපති පරපුරට ජාතියේ ගෞරවය හිමි කිරීමටත්, නර්තන කලාව හැදෑරූ සිසු සිසුවියන්ට ද එම ගෞරවය හිමි කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නා බව 'තරුයාය' නර්තන කලා සංසදයේ ප්‍රධාන ආචාරිනී ශ්‍යාමලි හෙට්ටිආරච්චි මහත්මිය පවසයි. සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ සාම්ප්‍රදායික උඩරට නර්තන ශිල්පී සුනිල් ශිල්පාධිපති මහතාගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය සංවිධාන කර ඇත. 

නව අදහස දක්වන්න