අධිකරණයට අපහාස කර ඇත්නම් ඥානසාර හිමියන්ට දඬුවම් දෙන්න | දිනමිණ

අධිකරණයට අපහාස කර ඇත්නම් ඥානසාර හිමියන්ට දඬුවම් දෙන්න

 නෙල්කා මැදගෙදර

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ ශබ්ද නගා කථා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් කර ඇත්දැයි විමසා බලා අවශ්‍ය නම් දඬුවම් පැමිණවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පෙත්සමක් ගොනු කරමින් ‍හෝමාගම මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම කර ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගය ඉකුත් ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කර තිබේ. එම අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ද එදින අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විනිසුරු අසුනෙහි සිටියදීම අධිකරණ ශාලාව තුළ සිටි ඥානසාර හිමියන් ශබ්ද නඟා කථා කරමින් කළහකාරී ලෙස හැසිරුණු බව සඳහන් වේ.

එම හැසිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිද එලෙස අපහාසයක් සිදු කර ඇත්නම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගත හැකි පියවර කවරේද යන්න සලකා බලා අවශ්‍ය නම් එම පියවර ගැනීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩු විභාග කිරීමේ අධිකරණ බලය අභියාචනාධිකරණය සතුවන බැවින් තමන්ට පැවරී ඇති නීතිමය බලතල අනුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පෙත්සම යොමු කර ඇත. 

අදහස් 2ක් ඇත

oyala hondata .. ahagena inna meya .. SINHALA kathakarana welawata ... muta hariyata SINHALA KATHAKARANNATH BEHE ::: ACHCHIGEN + SEEYAGEN ... MUTHUN::MITHTHANGEN AHULAGATHTHA KATAKATHA KIYAWAMIN .... KAHAPATA REDIKELLAKUTH..KAREDAGENA .. eke muwawen .. karanna thiyana hema walaththa kamakma karamin .. deshpalana keralikaruwek wasayen .. hondin jeewathwenawa ... !!! nikan kagena ..beegena .. endagena .. minissunta bena..bena .. ithin meke nama "" BODUBALA SENA "" BALANNA KOCHCHARA LASSANADA KIYALA .. !!

uthure adhikaranayata galgasa vinasa kara policiyata da pahara deela thibuna namuth athadanguwata gaththe nehe kisi kenek...sangaya wahansela ranawiruwan wenuwen kathakala pamani..wena kawuruda owun wenuwen kathakaranne....

නව අදහස දක්වන්න