ප්‍ර‍සාදිනි කැමැතිම දේ | දිනමිණ

ප්‍ර‍සාදිනි කැමැතිම දේ

මම කැමැති භාවාත්මක රංගනයටයි

- ප්‍ර‍සාදිනි

ඇය ප්‍ර‍සාධිනි අතපත්තු ය. ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා කෘතිය ‘ සක්කාරං‘ ඔස්සේ මෙරට සිනමා ප්‍ර‍විශ්ටයට වරම් ලැබූ නවක රංගන ශිල්පිනිය ඇයයි.

කවුද මේ රිදී අඹරේ පෑයු අලුත්ම තාරකාව?

ආනන්ද මුදියන්සේලාගේ ප්‍ර‍සාදිනි අතපත්තු

කොහේ ඉඳන්ද ප්‍ර‍සාධිනි එන්නේ?

කුරුණෑගල ඉඳන්.

මොනවද ප්‍ර‍සාධිනි එතකොට කරන්නේ?

මම වෘත්තීයෙන් ගුරුවරියක්.

පවුලේ තොරතුරුත් ඔබේ රසිකයන් දැන ගන්න කැමැති වේවී?

මම විවාහකයි. මගේ සැමියා අශෝක රත්නායක. ඔහු ඩයලොග් ආයතනයේ මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. අපිට දියණියක් සිටිනවා ඇයට තවම අවුරුදු එකහාමාරක්.

සංකාරා ඔබේ ප්‍ර‍ථම රංගනයද?

එය මගේ ප්‍ර‍ථම චිත්‍ර‍පට රංගනයයි. වේදිකාව වටා සිටින ප්‍රේක්ෂකයින නම් මා හඳුනනවා. ඒ 2004 සිට මා වේදිකාව සමග සිටින නිසා. 2011 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නිළිය ලෙස තේරි පත් වීම වේදිකාවට මා තව තවත් ළං කළා.

සිනමාවේ ඔබේ ගමන ඇරැඹෙන්නේ සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ ?

ඔව්. ධර්මසේන පතිරාජ වැනි අපේ දැවැන්ත අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකින් සිනමාවට පිවිසෙන්න ලැබීමත් ඇත්තටම මා ලැබු භාගයයක්.

ඒ භාග්‍ය ප්‍ර‍සාධිනිට හිමි වුණේ කොහොමද?

එතුමාගේ චිත්‍ර‍පටයකට වේදිකාව තුළ ඉන්නා රංගන ශිල්පිනියක සොයමින් සිටින අතර තුරේදී තමයි කිහිපදෙනෙක් මා ගැන එතුමන්ට කියලා තිබෙන්නේ. ඉතින් ඒ ගැන මගේ අදහස අහලා ඔඩිෂන්ස් වලට මට එන්න කියලා කිව්වා.

රති ගැන අපි කතා කරමුද?

රතී කියන්නේ 1800 ගණන්වල දළදා පෙරහර සඳහා පේ වි සිටින සහ නර්තන මුල් කරගත් පරම්පරාවකින් පැවත එන පැවත එන කාන්තාවක්. දරුවෙක් ලබා ගැනිමේ බලාපොරොත්තුවෙන් සිටින ඇයට තම සැමියාගෙන් එය ඉටු කර ගත නොහැකි විම නිසා කනස්සල්ලෙන් පසු වූවත් ඇගේ ජිවිතයට ආ අහම්බයක් ඇයව මවක වීමේ වාසනාව උරුම කර දෙනවා. තම ජිවිතයේ සිදු වූ ඒ අහඹු සිදුවිමට තම ජිවිතය විනාස වීමට ඉඩ නොදී දරුවා සමග ඉතා හොඳ ජිවිතයක් ගත කරනවා. මේ තමයි රති ගේ කතාව.

රතී පිළිබඳ ඔබ හැදෑරිමක් කළාද?

රතී නොසිතපු වෙලාවක නොසිතු විදිහට මට හමු වූ චරිතයක්. ඉතින් ඒ සීමිත කාලය තුළ ඈ පිළිබඳ ලොකු අධ්‍යයනයක් කරන්න් මට බැරි වුණා. නමුත් උඩරට කාන්තාව සහ ඒ සම්ප්‍ර‍දාය පිළිබඳ මා තුළ තිබූ තරමක දැණුමක් රතීට පණ දෙන්න හොද පිටිවහලක් වුණා කියන්නත් පුළුවන්.

ඒ කියන්නේ ඔබ මැවූ රති පිළිබඳ ඔබ තෘප්තිමත්?

ඒ චරිතය සම්බන්ධයෙන් තව කරන්න තිබුණා නම් හොඳයි කියන හැඟීම මට තිබුණා.

රතී වැනි චරිතයකට පණ පෙවීම ඔබේ වෘත්තිය ජීවිතයට අභියෝගයක් වුණේ නැද්ද?

ලොකු අභියෝගයක් දැනුණේ නැහැ. රතී මනක්කල්පිත චරිතයක් වූවත් ඇය වැනි කාන්තාවන් අපේ සමාජයේ ඕනෑ තරම් ජීවත් වෙලා තියෙනවා.තවමත් ජිවත් වෙනවා. ඉතින් එවන් චරිතයක් නිරුපණය කිරීම මගේ වෘත්තීමය ජිවිතයට හානියක් වුණේ නැහැ. කොහොමත් ඒ චරිතය නිරූපණය කරනකොටත් මම ගැබිනියක්. ඉතින් ඒ උතුම් හැඟීම මම හොඳින් දැනෙමින් තිබෙන මොහොතකයි මම රතීට පණ පොවන්නේ.

සම්භාව්‍ය සිනමා රංගන ශිල්පිනියක් ලෙස ස්ථාවර වෙන්න කදිම තෝතැන්නක් වේවී යැයි සිතනවාද?

මගේ කැමැත්ත භාවාත්මක රංගනයටයි. මම වෘත්තීය රංගන ශිල්පිනියක් නොවෙන බවත් මතක් කළ යුතුයි.

වෘත්තීමය වශයෙන් නොවුණත් රංගන ශිල්පිණියක් ලෙස දීර්ග කාලිනව රැඳෙන්න ප්‍ර‍සාධිනිගේ බලාපොරොත්තුවක් තියෙනවාද?

මම ගුරුවරියක්. ඒ වෘත්තිය සමග මට ලොකු කාලයක් ලැබෙන්නෙ නැහැ.නමුත් හොඳ භාවාත්මක සිනමා නිර්මාණයක් ලැබුණොත් එයට දායක වේවි. නමුත් කලාව තුළ මගේ මූලික කැමැත්ත තිබෙන්නේ වේදිකාවටයි.ඒ නිසා ඒ තුළ නව නිර්මාණවලට දායක වෙන්නත් මම බොහොම කැමැත්තෙන් ඉන්නවා.

පුංචි තිරයට සම්බන්ධ වෙන්න ප්‍ර‍සාධිනිගේ අදහසක් නැද්ද?

අවස්ථා කිහිපයකදි පුංචි තිරයසමග සම්බන්ධ වී තිබෙනවා. නමුත් මම කලින් කිව්වා වගේ මගේ වෘත්තීය සහ දරුවාගේ වැඩකටයුතු එක්ක කලා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ ලොකු කාලයක් මට ලැබෙන්නේ නැහැ.

නව අදහස දක්වන්න